Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

09th March 2024 12:48:03 Hours

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික නිලධාරි පාඨමාලා විභාගය සඳහා සහභාගි වන නිලධාරින් වෙනුවෙන් එක් දින වැඩමුළුව

රෙජිමේන්තු අධිපති සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ගේ මඟපෙන්වීම මත 2024 පෙබරවාරි 17 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික නිලධාරි පාඨමාලා විභාගය සදහා සහභාගි වීමට නියමිත නිලධාරින් වෙනුවෙන් වැඩමුළුවක් ආරම්භ කරන ලදී. ඒ සඳහා ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුලුව වෙතින්ද ශිෂ්‍ය නිලධාරීන් 5 දෙනෙකු සහභාගී විය. මෙම පාඨමාලාව සඳහා 112 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජගත් හේමචන්ද්‍ර ආර්එස්පී පිඑස්සී සහ රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන්ගෙන් සමන්විත කාර්‍ය පැවරුම් මඩුල්ලක් මගින් සියළුම සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබයි.

මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අරුණ විජේකෝන් යුඑස්පී එන්ඩිසී විසින් වැඩමුළුවේ සමාරම්භක දේශණය සිදු කරන ලද අතර, එහිදී ඔහු තම වෘත්තීය ප්‍රගතිය සහ වෘත්තීය අවස්ථා සුරක්ෂිත කර ගැනීම සඳහා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික නිලධාරි පාඨමාලාව හදාරා තිබීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය.

පසුව, හමුදා ලේකම් මේජර් ජෙනරාල් බුද්ධික පෙරේරා ආර්ඩබ්ලිව්පී යුඑස්පී එන්ඩියු පිඑස්සී සහ යුද හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් දිනේෂ් උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් සියලුම ශිෂ්‍ය නිලධාරීන් වෙත දේශණයක් Zoom තාක්ෂණය ඔස්සේ සිදු කර ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික නිලධාරි පාඨමාලාව සදහා සුදුසුකම් ලැබීමේ වැදගත් අංග පිළිබඳව ඔවුන් දැනුවත් කරන ලදී. එම තේරීම් විභාගය සඳහා සූදානම් වීමට ඔවුන් හට ආශ්වාදජනක ප්‍රකාශයන් ප්‍රකාශ කළේය.