Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

17th January 2024 18:56:26 Hours

ගජබා රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානිහට ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස පත්වු ගජබා රෙජිමේන්තුවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරි වරයෙකු වන මේජර් ජෙනරාල් හරේන්ද්‍ර පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පි එන්ඩීයු වෙත උපහාර පිදීම 2024 ජනවාරි මස 05 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මේජර් ජෙනරාල් හරේන්ද්‍ර පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පි එනඩීයු ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් රොෂාන් කළුපහන ආර්එස්පී යුඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර, පසුව එතුමන් වෙත අභිමානවත් කඳවුරු මුරයක් ද පිරිනමන ලදි.

ඉන් අනතුරුව එතුමන් විසින් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබිලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පීඑස්සි ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන්ගේ පිළිරුව අභියස මල් කළඹක් තබා පුෂ්පෝපහාර දැක්වීම සිදුකරන ලදි පසුව මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අරුණ විජේකෝන් යුඑස්පී එන්ඩීසී විසින් එතුමන්ව ගෞරවාන්විතව පිළිගැනීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භුමියේදී මෙම ජ්‍යේෂ්ඨ නිලධාරි වෙත සම්මාන මුරයක්ද පවත්වන ලදී

එමෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි භාර ගැනිමෙන් පසු "ගජබා නිවහන" වෙත සිය මංගල සංචාරය සනිටුහන් කිරීම සඳහා ඔහු විසින් පැළයක් රෝපණයකර නොමැකෙන මතක සටහන් තබමින් ඉන් අනතුරුව මෙම අවස්ථාවට සහභාගී වූ සියලුම නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට ද වාඩි විය.

පසුව සියලු නිළයන්ගේ සහභාගීත්වයෙන් සෙසුනිල භෝජනාගාරයේදී මෙම ජ්‍යේෂ්ඨ නිලධාරි වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් ද පවත්වන ලද අතර, එහිදී එතුමන් විසින් කෙටේරි පවුලේ නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟ සුහද කතාබහක නිරත වන ලදි. එම අවස්ථාවට සහභාගී වු පිරිස අමතමින් එතුමන් වෙනුවෙන් මෙවැනි අලංකාරවත් උපහාර උළෙලක් සංවිධානය කිරීම පිළිබඳව රෙජිමේන්තු අධිපති තුමන් ඇතුළු සියලුම නිළයින් වෙත සිය කෘතඥතාව පළ කළකර සිටින ලදි.

මෙම අවස්ථාව සදහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාව නියෝජනය කරනු ලබන ජ්‍යේෂ්ඨ නිලධාරිවරුන්, රෙජිමේන්තුවේ අනෙකුත් ජ්‍යේෂ්ඨ නිලධාරිවරුන් ඒකක අණදෙන නිලධාරි වරුන් හා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිත්‍ය කාර්ය මංඩලයට අයත් සියලු නිලධාරින් හා සෙසුනිලයින් සහභාගි වන ලදී.