Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

09th March 2023 22:00:12 Hours

5 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරි රාජකාරි ආරම්භකරයි.

5 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරි ලෙස මේජර් ඩීඑස්වයිඑල් කුරුවිට ජ්යෙයෂ්ඨ නිලධාරි 2023 පෙබරවාරි මස 28 වන දිනආගමික වතාවත් වලින් අනතුරුව යෙදුනුසුබමොහොතින් හොරොව්පොතාන 5 වන බළඇණිය ගජබා රෙජිමේන්තු මුලස්ථානයේදී අභිනවයෙන් රාජකාරිකටයුතු ආරම්භ කරන ලදි.

කඳවුර වෙත පැමිණි අණදෙන නිලධාරි, දෙවන අණදෙන නිලධාරි අචින්ද සිතාර විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව අභිමානවත් කඳවුරු මුරයක් පිළිගන්වන ලදි. ඉන් අනතුරුව රාජකාරි භාර ගන්නා ලද නව අණදෙන නිලධාරි එම අවස්ථාව සනිටුහන් කරමින් පැළයක් රෝපණය කරන ලදි.

රාජකාරි ආරම්භ කිරීමෙන් පසු භට පිරිස් ඇමතූ අණදෙන නිලධාරි, බළඇණියේ අභිවෘද්ධිය උදෙසා සහයෝගයෙන් කටයුතුකලයුතු ආකාරය සිහිපත් කළේය.පසුව ඒකක සෙසුනිල භෝජනාගාරයේ පැවැති සියලු නිල තේ පැන් සංග්රයහයට එක්වෙමින් භට පිරිස් සමග සුහදව අදහස් හුවමාරු කර ගන්නා ලදි.

නව අණදෙන නිලධාරිගේ පත්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපති හා රෙජිමේන්තු අධිපතිතුමන්, රෙජිමේන්තු මන්ත්රුණ සභාව නියෝජනය කරනු ලබන ජ්යෙමෂ්ඨ නිලධාරින්, මධ්යනස්ථාන සේනාවිධායක ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරින් සිය සුභාශිංසන එක්කර තිබිණි.