Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

09th March 2023 21:45:40 Hours

නිල උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් අයිඒඑන්බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යුඑස්පී එන්ඩීයු පීඑස්සිජ්යේඅෂ්ඨ නිලධාරී තුමන් ගජබා රෙජිමේන්තු මධ්යවස්ථානයේදී උපහාර ලබයි.

ගජබා රෙජිමේන්තුවට අයත් ජ්යේ්ෂ්ඨ නිලධාරි වරයෙකු වන මේජර් ජෙනරාල් බුද්ධික පෙරේරායන ජ්යේවෂ්ඨ නිලධාරි තුමන් හට නිල උසස්වීම පෙරදැරි කරගෙන උපහාර පිදීම අද දින රෙජිමේන්තු මධ්ය‍ස්ථානයේදී පැවැත්විණි. නිල උසස්වීමෙන් පසු සිය මංගල නිල සංචාරය සඳහා රෙජිමේන්තු මධ්යේස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී, එතුමන්ව මධ්යරස්ථාන සේනාවිධායකබ්රිවගේඩියර් විශ්වජිත් විද්යා නන්ද විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. තවද ශ්රීි ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ හා ශ්රීේ ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ රෙජිමේන්තු අධිපති තුමන් මේජර් ජෙනරාල් අයිඒඑන්බි පෙරේරා ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩියු පිඑස්සි ජ්යේමෂ්ඨ නිලධාරී තුමන් හට සුභාශිංෂන එක්කරන ලදි.

ඉන් අනතුරුව,එම ජ්යේිෂ්ඨ නිලධාරි විසින් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී පිඑස්සී ගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු රෙජිමේන්තු භට පිරිස් විසින් පිරිනමන ලද ගෞරව සම්මාන ආචාරය පිලිගනු ලැබිය.

පසුව සියලුම නිලයන්ගේ සහභාගීත්වයෙන් තේ පැන් සංග්ර හයක් පවත්වනු ලැබූ අතර, එහිදී රැස්ව සිටි පිරිස අමතා අදහස් දක්වමින් මෙවන් උපහාර උළෙලක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් රෙජිමේන්තු අධිපති තුමන්, මධ්යෙස්ථාන සේනාවිධායක තුමන් ඇතුලු රෙජිමේන්තු මධ්යමස්ථානයේ සියළුම නිලධාරීන් සහ සෙසුනිලයින් වෙත සිය කෘතඥතාවය පළ කළේය.

මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තුවේ ජ්යේයෂ්ඨ නිලධාරිවරුන්, ඒකක අණදෙන නිලධාරිවරුන් සහ රෙජිමේන්තු මධ්යරස්ථානයේ නිත්ය කාර්ය මණ්ඩලයට අයත් සියලු නිලධාරින්, සෙසුනිලයින් සහභාගි වන ලදී.