Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

21st January 2023 12:16:13 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යනු ලැබු ගජබා රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් තිදෙනෙකු වෙනුවෙන් ගජබා නිවහනේදී උපහාර උ‍‍ළෙලක් පවත්වන ලදි.

ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් දශක තුනකට අධික කාලයක් කීර්තිමත් සහ විශිෂ්ඨ සේවාවක් ඉටුකල ගජබා රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු වු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයෙහි සමස්ථ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක සම්බන්ධීකරණ නිළධාරී තනතුරෙහි රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරාල් ලාල් විජේතුංග (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, නාගරික සංවර්ධන අධිකාරියෙහි ව්‍යාපෘති අධීක්ෂණ සම්බන්ධීකරන අධ්‍යක්ෂ තනතුරෙහි රාජකාරි කරනු ලැබු බ්‍රිගේඩියර් නිශාන්ත ජයසුන්දර (විශ්‍රාමික) ආර්එස්පී යූඑස්පී සහ කොළඔ යුධ හමුදා රෝහලෙහි ව්‍යාපෘති අධීක්ෂණ සම්බන්ධීකරණ අධ්‍යක්ෂක තනතුරෙහි රාජකාරි කරනු ලැබු බ්‍රිගේඩියර් ජූඩ් පෙරේරා (විශ්‍රාමික) ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීම නිමිත්තෙන් 2023 ජනවාරි මස 21 වන ගජබා නිවහනේදී උත්කර්ෂවත් ලෙස උපහාර උළෙලක් සංවිධානය කරන ලදි.

මෙම උපහාර උළෙල ආරම්භ කරමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ පිළිරුව වෙත මල් කළඹක් තබා පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භුමියේදී මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් සම්මාන පෙළපාලියක්ද පවත්වන ලදි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ හා ජාතික ආරක්ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මගපෙන්වීම මත මෙම උපහාර උත්සවය සංවිධානය කරනු ලැබු අතර, මෙම සමුගැනීමේ අවස්ථාව වෙනුවෙන් ඉතා වර්ණවත් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදි.

මෙම අවස්ථාවට රෙජිමේන්තු මන්ත්‍රණ සභා සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලු ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් ද සහභාගී විය.