Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

09th August 2022 17:05:57 Hours

ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න සෙන්පතිදුන්ගේ 30 වන ගුණානුස්මරණය වෙනුවෙන් උස්සවය පවත්තන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ පුරාවෘත්තීය සෙන්පතියෙකු වු, ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවන්ගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ 30 වන ගුණ සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදාපති තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 2022 අගෝස්තු මස 08 වන දින සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී චාම්එහෙත් අභිමානවත් ගුණ සැමරුම් උස්සවයක් පවත්වන ලදී. ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ගේ අධීක්ෂණය යටතේ පැවති මෙම අභිමානවත් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති තුමන් නියෝජනය කරමින් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් චම්පක රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි විය.

මේජර් ජෙනරාල් විජය විමලරත්න සෙන්පතිදුන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සහ මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්ද තාවයක් පවත්වමින් ඔවුන්ට ගෞරවය පුද කිරීම සිදුකෙරුණු අතර, වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් චම්පක රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී විසින් දිවංගත රෙජිමේන්තු නිර්මාතෘ වරයානන්ගේ පිළිරුව අභියස මල් කලඹක් තබා උපහාරය පුදකරන ලදී.පසුව, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයේ දී මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ඣායනයක් පවත්වමින් පිං අනුමෝදන් කිරීම සිදුකරන ලදී.

යාපනය නගරය අල්ලා ගැනීමට සැලැසුමි සකස් කරමින් සිටියදී 1992 වර්ෂයේ අගෝස්තු මස 08 වන දින යාපනය අරාලි තුඩුවවේදී ත්‍රස්ථවාදි බිමි බොමිබයකට හසුව එවකට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් යුධ සෙන්පතියෙකු වු ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සමගින් මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිනන් කර්නල් එච්ආර් ස්ටීවන්, ලුතිනන් කර්නල් ජීඑච් ආරියරත්න, ලුතිනන් කර්නල් වයිඑන් පලිපාන, ලුතිනන් කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිතන් කර්නල් නලින් ද අල්විස්, ලුතිනන් කමාන්ඩර් සී බී විජේපුර යන ජ්යෙගෂ්ඨ නිලධාරින් හා සෙසුනිලයින් පිරිසක් ජිවිතක්ෂයට පත් වු අතර, මේහිදි ඔවුන් සියළුදෙනාම සිහිකරමින් පිං අනුමෝදන් කිරිම සිදු කරන ලදි.

මෙම අවස්ථාවට ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජය සේනාවිධායක කර්නල් රජීන්ද්‍ර විජේරත්න යූඑස්පී, 22 වන බලඇණියේ අණදෙන නිලධාරී, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම මාණ්ඩලික නිලධාරීවරුන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහභාගිවන ලදී.