Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

07th August 2022 11:19:18 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යනු ලැබු ගජබා රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් ඩී එස් කේ ගුණවර්ධන ආර්එස්පී කේඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙනුවෙන් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උපහාර උ‍‍ළෙලක් පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ හිටපු නියෝජ්‍ය සේනාවිධායක වශයෙන් රාජකාරි කල ගජබා රෙජිමේන්තුවට අයත් කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයෙකු වු මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් ඩී එස් කේ ගුණවර්ධන ආර්එස්පී කේඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීම නිමිත්තෙන් 2022 අගෝස්තු මස 01 වන දින ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උපහාර උළෙලක් පවත්වන ලදි.

එම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් රෙජිමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච් ටී ඩබ්ලිව් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් උණුසුම් ලෙස පිළිගත් අතර, පසුව ගජබා රෙජිමේන්තු ප්‍රධාන පිවිසුමේ දී කඳවුරු මුරයකින් උපහාර පිරිනමනු ලැබිය. අනතුරුව ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ පිළිරුව වෙත මල් කළඹක් තබා පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව රෙජිමේන්තු සරඹ භුම්යේදී එතුමන් වෙනුවෙන් පිරිනමනු ලැබු සම්මාන පෙළපාලිය සඳහා සහභාගී විය.

පසුව එහිදී රැස්ව සිටි පිරිස අමතා අදහස් දක්වමින් මෙවන් උපහාර උළෙලක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් රෙජිමේන්තු අධිපති තුමන්, මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුලු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් වෙත සිය කෘතඥතාවය පළ කළේය. අනතුරුව එතුමන් සියලුම නිලයන්ගේ සහභාගීත්වයෙන් පැවති තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ හා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ රෙජිමේන්තු අධිපති, ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම උත්සවය එදින රාත්‍රියේ වර්ණවත් හා සාම්ප්‍රදායික රාත්‍රී භෝජන සංග්‍රහයකින් පසුව නිමාවට පත්විය.

මෙම රාත්‍රී භෝජන සංග්‍රහයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගී විය. මෙම උත්සවය සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභා සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, ඇතුලු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් එක්ව සිටියහ.