Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

25th February 2019 21:31:43 Hours

ගජබා රෙජිමේන්තු මුලස්ථාන බලඇණියේ අතිගරු ජනාධිපතිතුමන්ගේ සංචාරය

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද දින එනම් 2019.02.25 වන දින පෙරවරුවේ ගජබා රෙජිමේන්තු මුලස්ථාන බලඇණිය පිහිටි සේනපුර කඳවුර වෙත පැමිණි සංචාරයේදි යුද්ධයේදි තුවාල ලබා රණක්‍ෂිතයට පත් ගජබා රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීය.

පෙ:ව 10.45ට පමණ සේනපුර කඳවුර වෙත පැමිණි අතිගරු ජනාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ගජබා රෙජිමේන්තුවේ අධිපති තුමන් වන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සි විසින් මහත් හරසරින් පිලිගන්නා ලදි. ඉන් අනතුරුව රණක්‍ෂිතයට පත්ව ප්‍රථිකාර ලබමින් සිටින ගජබා රණවිරුවන්ගේ වාට්ටු වෙත පැමිණි ජනාධිපති උතුමාණන් ඔවුන්ගේ සුවදුක් විමසිමෙන් පසු ඔවුන් වෙත ත්‍යාග පාර්සල්ද බෙදා දීමට කටයුතු කලේය.

පසුව සේනපුර කඳවුරේ නවතමයෙන් ඉදිකර පසුගිය 23 වන සෙනසුරාදා දින රණවිරු අයිතියට පත්කෙරුණු පිහිණුම් තඨාකය නිරීක්‍ෂණයට පැමිණි ජනාධිපති තුමන් එහිදි නා පැලයක්ද රෝපණය කරන ලදි. පසුව එහි සිටි ආබාධිත රණවිරුවන් සමඟ සුහද කථා බහක යෙදුණු එතුමන් ප්‍රදේශයේ සිවිල් ජනතාව සමඟද කථාබහ කිරිමට අමතක නොකලේය. අනතුරුව පැමිණි සිටි නිළධාරින් සමඟ සමුහ ඡායාරූපයකටද පෙනී සිටි අතිගරු ජනාධිපති තුමන් නික්ම යාමට ප්‍රථම ආබාධිත රණවිරුවන් විසින්ම නිෂ්පාදනය කරන ලද විශේෂිත හම් වර්ගයකින් නිපැයුණු රාජ්‍ය ලාංඡනයක් සහිත සමරු ඵලකයක් කෝප්‍රල් පරණමාන්න පිඑම්ආර්එස් - 14 ගරෙ විසින් පිලිගන්වන ලදි.