Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

23rd January 2019 18:41:36 Hours

නව යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙනුවෙන් අභිනන්දන උත්සවයක් 2019.01.18 වන දින ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි පැවැත්විණි.

ශ්‍රි ලංකා යුධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ධුරයෙන් පිදුම්ලත් ගජබා රෙජිමේන්තුවට අයත් සංග්‍රාමයේදි මෙන්ම සංහිදියාවේදි අනගිභවනිය මෙහෙවරක් ශ්‍රි ලංකාද්විපය වෙනුවෙන් ඉටුකල කිර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ගජබා රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සි පිළිගැනිම සදහා අභිනන්දන උත්සවයක් 2019.01.18 වන දින ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි පැවැත්විණි.

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 53 වන මාණ්ඩලික ප්‍රධානි වශයෙන් 2019.01.10 වන දින සිය ධුරයේ වැඩ භාරගැනිමෙන් අනතුරුව තම රෙජිමේන්තුව වෙත සිදුකෙරෙන ප්‍රථම නිළ සංචාරය සනිටුහන් කරමින් 2019.01.18 වන දින ගජබා නිවහන සාලියපුර වෙත පැමිණි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් හරේන්ද්‍ර පිරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි විසින් මහත් හරසරින් පිලිගන්නා ලදි. අනතුරුව පෙ:ව: 0930 පැයට කදවුරු මුරය පරික‍ෂා කල එතුමන් ගජබා රෙජිමේන්තුවේ පියාණන් වන දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්නයන්ගේ පිළිරුව අභියස මල්කළඹක් තැන්පත් කරමින් සිය කෘතවේදිත්වය දක්වන ලදි. පසුව හමුදා සම්ප්‍රදානුකුලව ඉතා අභිමානවත් සහ අලංකාරවත් සම්මාන මුරයක් එතුමන් වෙත පිළිගන්වමින් ප්‍රභූ සම්මාන උත්තමාචාර දක්වන ලදි. පසුව ගජබා රෙජිමේන්තුවේ සියළු නිළයින් සමග පැවති තේ පැන් සංග්‍රහයට සහභාගි වු එතුමන් සිය ප්‍රථම නිළ සංචාරය සනිටුහන් කරනු වස් රෙජිමේන්තු මුලස්ථාන කාර්යාලය ඉදිරිපිට නා පැළයක්ද රෝපණය කරන ලදි. පසුව සියළු නිළයින් ආමන්ත්‍රණය කිරිමටද අමතක නොකල අතර, එහිදි ප්‍රෙෘඩ ඉතිහාසයකට උරුමකම් කියන ගජබා රෙජිමේන්තුවේ සෙවණ ලබමින් යුධ හමුදාවේ දෙවන තනතුර දක්වා පැමිණිමට උරදුන් සියළු දෙනාටත් දැනට සේවයේ නියුතු සියළු දෙනාටත් සිය සුභාශිංසන පිරිනමන ලදි.

අවසාන වශයෙන් නිලධාරි නිවස්නයේ පැවති දිවා භෝජන සංග්‍රහයට සහභාගි වු එතුමන් සියළුම නිලධාරින් අමතා සිය දිගු යුධ හමුදා දිවියේ නොමැකෙන මතක සටහන් ආවර්ජනය කරමින් සාර්ථක හමුදා නිලධාරියෙක් විම සදහා අවැසි ගුණාංග වැඩිදියුණු කරගැනිම සදහා සියළු දෙනා කැපවිමෙන් ක්‍රියාකල යුතු බවත්, තම මාතෘ භූමියේ ස්වෛරිත්වය වෙනුවෙන් දිවිහිමියෙන් කැපවන ලෙස දන්වන ලදි. රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරින්ද, මධ්‍යස්ථාන සේනාවිධායක සහ නියෝජ්‍ය සේනාවිධායකද, ඒකක අණදෙන නිලධාරිවරුන්ද, රෙජිමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරිවරුන්ද, සෙසු නිලයින්ද ඇතුලූ විශාල පිරිසක් මෙම උත්සවය සදහා සහභාගි වන ලදි.