Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

27th October 2018 12:57:17 Hours

යුද්ධයේදි මියගිය රණවිරුවාගේ බිරිඳ හා දරුවන් වෙත නව නිවසේ යතුර භාරදීම ගජබා රෙජිමේන්තු අධිපතිතුමා අතින් සිදු කෙරිණි

අප මාතෘභූමිය රුදුරු ත්‍රස්ථවාදීන්ගෙන් ආරක්ෂා කරගැනීමේ උදාර මෙහෙවරට උරදෙමින් පරන්තන් ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී 1999.12.26 වන දින ත්‍රස්ථවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් මව්බිමේ නිදහස වෙනුවෙන් තම ජීවිතය පුජාකල සෙ/78303 සැරයන් කීර්තිරත්න ඊ එම් - 6 ගරෙ රණවිරුවාගේ බිරිඳ හා දරුවන් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් මහේෂ් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වි යුඑස්පී යුඑස්ඒසීජීඑස්සී තුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක යුද්ධ හමුදාධිපති නිවාස ව්‍යාපෘතිය යටතේ අංක 329/16 ඒ, තුරුපියස, දික්බැද්ද, ඔලබොඩුව, ගෝණපල හංදිය යන ලිපිනයෙහි පිහිටා ඇති මියගිය ජ්‍යෙකොනොනිගේ බිරිදට අයත් ඉඩමෙහි යුද්ධ හමුදාවේ සහ ගජබා රෙජිමේන්තුවේ මුල්‍ය දායකත්වයෙන් හා ගජබා රෙජිමේන්තුවේ සහෝදර සෙබලුන්ගේ ශ්‍රම දායකත්වයෙන් නවතමයෙන් ඉදිකරනු ලැබු නිවසේ යතුර රණවිරුවාගේ බිරිඳ හා දරුවන් වෙත භාරදීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරාල් සහ ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි පීඑස්සී ගේ සුරතින් 2018.10.26 වන දින පෙරවරු 0857 පැයට යෙදුණු සුභ මොහොතින් සිදුකරන ලදි.

මෙම අවස්ථාවේදී ආගමික වතාවත් සිදුකිරිමෙන් අනතුරුව සුභ මොහොතින් පීත්ත පටිය කපා නව නිවසේ යතුර භාරදුන් රෙජිමේන්තු අධිපති තුමන් නිවාස ලාභී මියගිය ජ්‍යෙකොනොනිගේ බිරිද සහ දරුවන් හට සුභපැතුම් එක් කරන ලදි. මෙම අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිණි සුජීවා නෙල්සන් මැතිණිය, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් හරේන්ද්‍ර පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශාල ප්‍රමාණයක් සහභාගි විය.