Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

15th October 2018 15:38:53 Hours

ගජබා රෙජිමේන්තුවේ 35 වන සංවත්සර සැමරුම - 2018

පුරා වසර තිස් පහක ප්‍රෙෘඩ ඉතිහාසයකට උරුමකම් කියන ගජබා රෙජිමේන්තුව අභිත සෙන්පති දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්නයන්ගේ නායකත්වය සහ මගපෙන්විමෙන් සුපෝෂණය වි යුධ බිමේත් කෙළිබිමෙත් ජයකෙහෙලි නන්වා කැපි පෙනෙන රෙජිමේන්තුවක් බවට පත්වි ඇත. එහි ප්‍රතාපවත් ගමන් මඟ තුල ක්‍රියාන්විතයේදි මෙන්ම පුහුණුවෙන් හා ක්‍රිඩා අංශයෙන්ද අනෙකුත් බාහිර ක්‍රියාකාරම් තුලින්ද දක්වා ඇති විශිෂ්ඨ දස්කම් හේතුවෙන් මෙම රෙජිමේන්තුව ලක්වාසි සැමගේ පැසසුමට ලක් වි ඇත. “සමගිය ශක්තියයි” යන ආදර්ශ පාඨය පෙරදැරි කරගෙන මාතෘ භුමියෙහි භෞමික අඛණ්ඩතාවයත් ස්වෛරීත්වයත් සුරක‍්ෂීත කිරිමෙහි ලා සිදුකරන ලද විශිෂ්ඨ සේවය අගයනු වස් 2007.01.16 වන දින ජනාධිපති වර්ණ සහ රෙජිමේන්තු වර්ණ මෙම රෙජිමේන්තුව වෙත පිරිනමන ලදි. එය කාය දානයෙන්, ජිව දානයෙන් සටන් වැද මාතෘ භුමිය වෙනුවෙන් අධිෂ්ඨානශිලිව, නිර්භයව කැපවීමෙන් ක්‍රියාකල ගජබා පවුලේ සියළුම සාමාජිකයින්ගේ මහත් අභිමානයට කරුණකි.

එමෙන්ම වර්ෂ 1983.10.14 වන දින ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේද, ස්වර්ණමාලි මහා සෑරදුන්ගේ ද අශිර්වාදය ලැබ ඓතිහාසික අනුරාධපුර සාලියපුර කදවුරේදි 1 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව වශයෙන් ස්ථාපනය කරන ලද ගජබා රෙජිමේන්තුව අද වන විට නිත්‍ය ඒකක 13 කින්ද ස්වේච්ඡා ඒකක 06 කින් හා ආධාරක බළඇණියකින් ද සමන්විත වේ. මෙම ඒකක දිවයිනේ නොයෙකුත් ප්‍රදේශයන්හි ක්‍රියාන්විත/පාලන රාජකාරින් සහ දේශය ගොඩනැගිමේ මහගු කාර්යයේ නිරත වෙමින් සිටින අතර, විශේෂයෙන් ගජබා රෙජිමේන්තුව මිලේඡ්ච ත්‍රස්ථවාදින්ගෙන් රට බේරා ගැනිමේ මෙහෙයුම් තුලදි ශ්‍රී ලංකා යුධ හමුදාවේ අනෙකුත් රෙජිමේන්තු අතුරින් කැපි පෙනෙන මෙහෙවරක් ඉටු කරන ලදි. එහිදි නිලධාරින් 176 ක් සහ සෙසුනිළයින් 4463 ක් ක්‍රියාන්විතයේදි තුවාල ලබා ඇති අතර, තවත් නිලධාරින් 171 ක් සහ සෙසුනිලයින් 4079 ක් සිය මාතෘ භුමියේ තිරසාර සාමය උදාකර දෙනු වස් සිය ජිවිත පුජාකර ඇත. එය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් පාබල රෙජිමේන්තුවක් ලෙස යුද්ධයේදි මියගිය සහ තුවාල ලැබු වැඩිම නිලධාරි/සෙසුනිළ ගණන වේ.

විශේෂයෙන්ම ගජබා විරුවන් ක්‍රියාන්විතයේදි සතුරා අභිමුව අභිතව සටන්කර දක්වන ලද විශිෂ්ඨත්වය නිරන්තරයෙන් සම්මානයට පාත්‍ර වි ඇති අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වැඩිම වීර වික්‍රම සම්මාන සහ පදක්කම් රාශියක් දිනා ගැනිමට ගජබා විරුවන් සමත් වි ඇත. තවද, ස්වකීය ජිවිතයද පරදුවට තබා ක්‍රියාන්විතයේදි තම කණ්ඩායම් අරමුණ සාක්ෂාත් කරගැනිම වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම සතුරාට නොභියව මුහුණ දෙමින් සිදුකරන ලද වික්‍රමාන්විත මෙහෙවර අගයනු වස් ගජබා රෙජිමේන්තුවට අයත් කර්නල් ඒ එෆ් ලාෆීර් පිඩබිලිවිවි ඩබිලිවිඩබිලිවිවි ආර්ඩබිලිවිපි ආර්එස්පි, මේජර් ඩබ්ලිව්අයිඑස්බි වලිසුන්දර ආර්එස්පි (නි/64556), කපිතන් පිඑන් පුුන්සිරි පිඩබ්ලිව්වි (නි/66009), ලූතිතන් කේඩබ්ලිව්ජේ නිශ්ශංක පිඩබ්ලිව්වි සහ බළලත් නිළධාරි 11 ගුණසේකර එච්බිපි පිඩබ්ලිවිවී ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබිලිවිපි ආර්එස්පි කේඑස්පි යන අය පරම වීර විභූෂණයෙන් පිදුම් ලබා ඇත.

දශක තුනකට ආසන්න කාලයක් රටට ශාපයක්ව පැවති එල්ටිටිඊ ත්‍රස්ථවාදය මුලිනුපුටා දමන ලද වන්නි මානුෂිය මෙහෙයුමේ විජයග්‍රහණය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයට මෙන්ම ගජබා රෙජිමේන්තු ඉතිහාසයේද ස්වර්ණමය සන්ධිස්ථානයක් විය. ඒ මන්ද යත්, මෙම මෙහෙයුමේදි සැළසුම් සහගතව, ඉතා නිවැරදි යුධෝපායන් භාවිතා කරමින් භඨ පිරිස් වෙත නිසි මගපෙන්වීම හා නායකත්වය ලබා දෙමින් ගජබා සෙන්පතියන් විසින් පාබල සේනාංක, බළසේනා හා ඒකක වෙත අණදීමෙන් සිදුකල මෙහෙයත් මෙම රෙජිමේන්තුවේ සෙබළ බළමුළු අධිෂ්ඨානශිලීව, එඩිතරව හා මනා කැපවිමෙන් සිදුකල සුවිශේෂි මෙහෙයත් මෙම ඓතිහාසික ජයග්‍රහණය සදහා ඉදුරාම බළපෑ බව කවුරුත් දන්නා කරුණකි.

එමෙන්ම වෘත්තීය හමුදාවක් ලෙස ගජබා විරුවන් යුද්ධයේදි ලබා ඇති පන්නරයත්, විනය ගරුක බවත්, නිරන්තර පුහුණුවිම් තුලින් ලබා ඇති නිපුණත්වයත් හේතුවෙන් හයිටි රාජ්‍යයේ ප්‍රථම සාම සාධක බළඇණිය 2006 ජුනි මස 21 වන දින ගජබා රෙජිමේන්තුව වෙතින් සහභාගි කරවීමට හැකි විය. තවද, ක්‍රියාන්විතයේදි පමණක් නොව ක්‍රීඩා අංශයෙන්ද ජාතික සහ ජාත්‍යන්තර මටිටමින් දස්කම් පාමින් සුවිශේෂි ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනිමට ගජබා විරුවන් සමත්වි ඇත. එපමනක්ද නොව, යුද්ධයේදි ආබාධිත තත්වයට පත්ව එහෙත් අභියෝග හමුවේ නොසැළි, අධිෂ්ඨානශිලිව හා උසස් චිත්ත ධෛර්යයකින් යුතුව තරඟ වැදි පසුගිය වසරේ බ්‍රසීලයේ පැවති රියෝ පැරා ඔලිම්පික් තරඟාවලියේදි ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට ගජබා රෙජිමේන්තුවේ රණවිරුවන් සමත්විය.

වන්නි මානුෂිය මෙහෙයුමේ විජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ඨ මෙහෙවරක් ඉටුකල එවකට 58 වන සේනාංකයේ සේනාංකාධිපති වු, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබිලිව්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි පිඑස්සි ගජබා රෙජිමේන්තුවේ වර්ථමාන රෙජිමේන්තු අධිපති වශයෙන් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරල් වශයෙන් රාජකාරි කරනු ලබන අතර, එතුමන්ගේ මඟ පෙන්විම හා නායකත්වය යටතේ ගජබා රෙජිමේන්තුවේ ප්‍රෙෘඩ ඉතිහාසයේ එක් වැදගත් සංදිස්ථානයක් ලෙස තිස් පස්වන සංවත්සරික සැමරුම් උළෙල අති උත්කර්ෂවත් අන්දමින් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය, ගජබා නිවහන, සාලියපුර කදවුරේදි 2018.10.14 වන දින විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.

මෙදින උදෑසන සාලියපුර කදවුර වෙත පැමිණි රෙජිමේන්තු අධිපති තුමන්ව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් කර්නල් හරේන්ද්‍ර පිරිස් ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි විසින් මහත් හරසරින් පිළිගනු ලැබු අතර, එතුමන් පිලිගැනිම සදහා කදවුරු සම්මාන මුරයක්ද පිරිනමන ලදි. ඉන් අනතුරුව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබිලිවිඩබිලිවිවි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි පිඑස්සි විසින් ගජබා රෙජිමේන්තුවේ නිර්මාත‍ දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්නයන්ගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර දක්වන ලදි. එමෙන්ම ඉන් පසු ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් ඉතා අලංකාර සහ අභිමාවත් පෙළපාලියක් එතුමන් වෙත පිළිගන්වන ලදි. පසුව දහවල් සියළු නිළයින් සමග එක්ව දිවා භෝජන සංග්‍රහය පිළිගත් අතර, සවස දේශයේ නිදහස වෙනුවෙන් දිවිපිදු ගජබා රණවිරුවන් ස්මරණය කරමින් කෘතවේදිත්වය පලකිරිම සදහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මධ්‍යස්ථාන සේනාවිධායක සහ නියෝජ්‍ය සේනාවිධායක, ඒකක අණදෙන නිලධාරි වරුන් රෙජිමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරින්, සෙසුනිළයින් සහ මියගිය රණවිරුවන්ගේ දෙමාපියන්/බිරින්දෑවරුන්/දු දරුවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ගජබා නිවහන ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකය අභියසදි ස්මාරක පෙළපාලියක් පවත්වා පුෂ්පෝපහාර දක්වන ලදි.