Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

23rd July 2018 22:49:39 Hours

මේජර් ජෙනරල් ශාන්ත දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් හමුදා සේවයෙන් විශ්‍රාම යාම නිමිත්තෙන් සම්මාන පෙළපාලියක් ගජබා නිවහනේදී පැවැත්විණ.

ශ්‍රී ලංකාද්වීපය රුදුරු එල්ටීටීඊ ත්‍රස්ථවාදි ක්‍රියාකාරකම් වලින් මුදාගෙන රටට තිරසාර සාමයක් ගෙන ඒම සඳහා සමස්ථ යුද්ධ හමුදාවට මෙන්ම මුළු මහත් ශ්‍රී ලංකාවටම අනුපමේය මෙහෙවරක් ඉටුකල මේජර් ජෙනරල් ශාන්ත දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් හමුදා සේවයෙන් විශ්‍රාම ගැනිම නිමිත්තෙන් 2018 ජුලි මස 21 වන දින සාලියපුර ගජබා නිවහනේදී සම්මාන පෙළපාලියක්, සියළු නිළයින්ගේ තේ පැන් සංග්‍රහයක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදි.

රෙජිමේන්තු මධ්‍යස්ථාන කාර්ය නියුක්ත සේනාවිධායක කර්නල් හරේන්ද්‍ර පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විසින් මහත් හරසරින් පිළීගත් අතර, මේජර් ජෙනරල් ශාන්ත දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් ප්‍රථමයෙන් කඳවුරු මුරය පරික්ෂා කරන ලදී. ඉන් පසු ගජබා රෙජිමේන්තුවේ අභීත සෙන්පති දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්නයන්ගේ පිළිරුව වෙත මල් කළඹක් තබා පුජෝපහාර එක් කරන ලදී. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්, රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුලු සෙසුනිලයින් විශාල ප්‍රමාණයක් සහභාගී වු අතර, සම්මාන පෙළපාලියේ අණදීම ලුතිතන් කර්නල් දිනේෂ් බුලත්සිංහල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් සිදුකරන ලදි.

පසුව එතුමන් වෙනුවෙන් සියළු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්වු අතර, එදින රාත්‍රි නිලධාරී නිවස්නයේදී අලංකාරවත් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සුදානම්කර තිබුණි. මේ අවස්ථාව සඳහා සහභාගී වු යුද්ධ හමුදා විධායක ජෙනරල් හා ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී විසින් මේජර් ජෙනරල් ශාන්ත දිසානායක ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ගජබා රෙජිමේන්තුවට මෙන්ම යුද්ධ හමුදාවටම සිදුකල වසර 35 ක අනගිභවනීය සේවය අගයමින් එතුමා වෙනුවෙන් විශේෂ ස්තූති කතාවක්ද පවත්වමින් එතුමන්ගේ විශ්‍රාමික දිවියට රෙජිමේන්තුව වෙනුවෙන් සුභ පැතුම් එක්කරමින් එතුමන් සඳහා විශේෂ සිහිවටනයක්ද පිළිගන්වන ලදි.