Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

23rd July 2018 21:55:39 Hours

මේජර් ජෙනරල් ඩීඑම්ඩබ්ලිව්ඩබ්ලිව්ඩබ්ලිව්ආර්බීඑම් දවුලගල ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම නිමිත්තෙන් සම්මාන මුරයක් ගජබා නිවහනේදී

මේජර් ජෙනරල් ඩීඑම්ඩබ්ලිව්ඩබ්ලිව්ඩබ්ලිව්ආර්බීඑම් දවුලගල ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම නිමිත්තෙන් එතුමන් සඳහා සම්මාන මුරයක් 2018 ජුලි මස 20 වන දින සාලියපුර ගජබා නිවහනේදී පැවැත්විණ. රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් හරේන්ද්‍ර පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් එතුමන්ව ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබු අතර, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිළයින් විශාල ප්‍රමාණයක් මෙම අවස්ථාවට සහභාගී විය. සම්මාන මුරය අවසානයේදී එතුමන් වෙනුවෙන් සියළු නිල තේ පැන් සංග්‍රහක්ද සංවිධානය කර තිබුණි.