Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

04th July 2018 10:01:57 Hours

ගජබා පොසොන් කලාපය - 2018

ගජබා රෙජිමේන්තු විසින් සංවිධානය කරන ලද ගජබා පොසොන් කලාපය - 2018 ජුනි මස 27 වන දින අනුරාධපුර සාලියපුර ගජබා නිවහනේදී උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදි. මේ අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිතයන් වශයෙන් සහභාගී වු යුද්ධ හමුදා විධායක ජෙනරල් හා ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් හා ගජබා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිණී සුජීව නෙල්සන් මහත්මිය විසින් චාරිත්‍රානුකූලව මෙම පොසාන් කලාපයේ සමාරම්භය සනිටුහන් කරන ලදි.

ඉතා අලංකාරවත් ලෙස නිර්මාණය කරන ලද වෙසක් පහන් කූඩු වලින් සමන්විත වු මෙම පොසොන් කලාපය එදින රාත්‍රියේ යුද්ධ හමුදා බැති ගී කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබු බැති ගී සරණියකින්ද සමන්විත විය. මෙම අවස්ථාව සදහා ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් හරේන්ද්‍ර පීරීස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, රෙජිමේන්තු මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය, නිලධාරීන් හා සෙසුනිළයින් මෙම අවස්ථාව ස‍දහා සහභාගී විය.