Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

ගජබා ප්‍රවීණයන්ගේ සංගමය

මේජර් ජෙනරල් (විශ්‍රාමික) එස්ටීටී ජයසුන්දර ආර්ඩබ්ලිව්පි වීඑස්වී යුඑස්පී පීඑස්සී ගේ මනසේ දළු ලද බීජයක් වුයේ ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික නිලධාරින්ගේ හා සෙසුනිලයින්ගේ සුභ සාධනය සඳහා සංගමයක් ආරම්භ කිරීමයි. එය නිත්‍ය යෝජනාවක් ලෙස 2000 වර්ෂයේදී ඉදිරිපත් කරන ලදි. මෙහි ප්‍රථීපලයක් ලෙස ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික නිලධාරින් හා සෙසුනිලයින් 189 දෙනෙකු අනුරාධපුර සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2001 ජනවාරි මස 27 වන දින රැස් වී විශ්‍රාමික ගජබා රෙජිමේන්තු නිලධාරීන්ගේ සංගමය නමින් එහි මංගල රැස්වීම මේජර් ජෙනරල් එස්ටීටී ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය. මෙම සංගමය ස්ථීර හා ස්වේච්ඡා විශ්‍රාමික සාමාජිකයින්ගේ සහෘදභාවය, ඒකමතිකත්වය හා මිත්‍රත්වය තහවරුකිරීම අරමුණුකරගත් අතර, මෙම විශ්‍රාමික නිලධාරින් හා සෙසුනිලයින් උදෙසා නෛතික සුභසාධනය, මුල්‍ය, මානසික හා සමාජයීය සහයෝගය ලබාදීම මෙන්ම ආර්ථීක උපකාර අපේක‍ෂිත සාමාජිකයින් උදෙසා සහයෝගය හා අතහිතදීම අරමුණුකර ගත්හ. ඉහත සඳහන් අරමුණුවලට අමතරව සේවයේ යෙදී සිටින හා විශ්‍රාමික ගජබා සාමාජිකයින් අතර සහසම්බන්ධයක් හා සහෘදබව රැකගැනීමේ අරමුණ වෙනුවෙන් අතරමැදියෙකු වශයෙන් කටයුතු කිරීම මෙම සංගමයේ අරමුණු අතර විය.

සාමාජිකයින් නැවත ඒකරාශී කරවීම හා සාමාජිකයින් අතර සමාජ ජාලයක් සකසා ගැනීම සංගමයේ අරමුණ සාධනයකර ගැනීම මුල්‍ය අභිලාශයක් බවට පත්විය. රෙජිමේන්තු මධ්‍යස්ථානය ආරම්භයේ සිටම මේ සඳහා පුර්ණ සහයෝගය ලබාදුන් අතර" මධ්‍යස්ථාන ආඥාපති ලූතිතන් කර්නල් සීපී ගාල්ලගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ගේ මගපෙන්වීම හා අනුග්‍රහයෙන් සේවයේ නියුතු ගජබා නිලධාරියෙකු ලෙස විශ්‍රාමික ගජබා නිලධාරීන්ගේ සංගමයේ පරිපාලන නිලධාරි තනතුරට පත්කරන ලදි. මෙම කර්තව්‍ය ශාක්සාත් කරගැනීම සඳහා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස් වනිගසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පීඑස්සී ගේ නොමද සහයෝගය ලබාදෙන ලදි.

2002 වසරේ ජුනි මස 26 වන දින විශ්‍රාමික ගජබා නිලධාරින්ගේ සංගමය ශ්‍රී ලාංකේය විශ්‍රාමික සාමාජිකයින්ගේ සංගමයට ඇතුලත් කරන ලැබීය. 2012 වසරේ පවත්වනු ලැබු වාර්ෂික මහා සංගමයේ රැස්වීමේදී මේජර් ජෙනරල් ජීඩීඑච්කේ ගුණරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පී පීඑස්සී විසින් “ගජබා ප්‍රවීනයන්ගේ සංගමය” ලෙස නව නාමයෝජනාවක් ඉදිරිපත්කරන ලද අතර, එය ඒකමතිකව ස්ථීර කරන ලදි. වර්ථමානයේ මෙම සංසධයේ සාමාජිකත්වය විශ්‍රාමික, ස්ථීර හා ස්වේච්ඡා නිලධරයන් හා සෙසුනිලයන්ගෙන්ද, සිය අභිමතානුකූලව සේවයෙන් විශ්‍රාම ගත් නිලධරයන් හා යුද්ධයේදී තුවාල සිදුවී වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වු සාමාජිකයන් 875 දෙනෙකුගෙන් සමන්විතය.

ගජබා පරිනත නිලධරයන්ගේ සංසධය ස්ථාපිත කිරීමත් සමග එහි සාමාජිකයින්ගේ අභවෘද්ධිය සඳහා නොයෙකුත් සුභසාධන වැඩසටහන් දියත් කරන ලදි. මෙසේ දියත්කරන ලද ප්‍රමුඛ ව්‍යාපෘතීන් අතර අවශ්‍ය සාමාජිකයින් සඳහා කෘත්‍රිම අත් පා ලබාදීම 2009 වර්ෂයේදී ක්‍රියාත්මක කරන ලදි. ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය සමග ඒකාබද්ධව ලෝකයේ විවිධ ආයතනයන්ගෙන් ලබාගත් පරිත්‍යාග මුදල් රුපියල් මිලියන 108 ක් වටිනා කෘත්‍රිම අත් පා සේවයේ නියුතු හා සෞඛ්‍ය හේතූන් මත ප්‍රථීකාර ලබන යුද හමුදා සාමාජිකයින් 78 දෙනෙකුට ලබාදෙන ලදි.

5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් හා අපොස (සා:පෙළ) විභාගය සාර්ථකව සම්පුර්ණ කළ සංගමයේ සාමාජිකයින්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහනක් සංගමයේ පෙර ලේකම්තුමා වන අභාවප්‍රාප්ත කර්නල් එච්එච්එල් ද සිල්වා කේඑස්වී විසින් ආරම්භ කරන ලදි. පසුකාලීනව ඔහු අනුස්මරණය කිරීම සඳහා එම ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය "එච්එච්එල් ද සිල්වා ශිෂ්‍යත්ව අරමුදල˜ ලෙස නම් කරන ලද අතර, ඒ සඳහා මුල්‍යමය දායකත්වය සුභපතන්නන් හා සංගමයේ සාමාජිකයින් විසින් ලබාදෙන ලදි. වර්ථමානය වන විට දරුවන් 100 කට අධික සංඛ්‍යාවක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානය කර ඇත.

මරණ පාරිතෝෂිත දීමනාව සඳහා දායක වී ඇති සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල් සඳහා රුපියල් 15000.00 ක මුදලක් සාමාජිකයාගේ හෝ ඔහුගේ බිරිඳගේ මරණයක් වෙනුවෙන් ලබාදෙනු ලැබේ. ඊට අමතරව සාමාජිකයින්ගේ වෛද්‍ය ප්‍රථීකාර සඳහා මුදලක් ප්‍රදානය කිරීමද (හෘද සැත්කම්, ඇස් කණ්නාඩි හා ශ්‍රවන උපකරණ ලබාදීම සඳහාද), සාමාජිකයින්ගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ නියුතු දරුවන් සඳහා ශිෂ්‍යත්ව සැපයීම හා සාමාජිකයින් සඳහා රැකියා අවස්ථා සළසාදීම සඳහාද සංගමය මුලිකත්වය ගෙන කටයුතු කරයි.

ගජබා පරිනත නිලධරයන්ගේ සංසධයේ සමාරම්භක දිනය වන ජනවාරි මස 27 වන දින බෝලගල කටානේ පිහිටි පරිනත යුද හමුදා නිලධරයන්ගේ නිවසේදී උත්සවශ්‍රීයෙන් සමරනු ලැබේ. සියළුම සාමාජිකයින් මෙම අවස්ථාවේදී ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ මේජර් ජෙනරල් ඩබ්ලිව්අයිවීකේඑම් විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී හා දැයේ ස්වෛරීභාවය වෙනුවෙන් දිවිපිදූ අනෙකුත් ගජබා විරුවන් අනුශ්මරණය කරනු ලැබේ. එදිනට ගජබා වැඩිහිටි නිවසේ නේවාසිකව පසුවන පරිනත සහෘදයන්ගේ විනෝදාශ්වාදය උදෙසා ගජබා වාද්‍ය වෘන්දය තම දායකත්වය ලබාදෙන අතර, අනෙකුත් සාමාජිකයින් විසින් දිවා ආහාරය සැපයීම හා තෑගි ලබාදීම සිදුකරනු ලබයි.

වසර 13 ක් පුරා මහා වෘක්ෂයක්ව අතු ඉතිලා වැඩුනු ගජබා පරිනත නිලධරයන්ගේ සංගමය වෙනුවෙන් දායකත්වය සැපයු හා සියළු අභියෝගයන් හා දුෂ්කරතාවයන්ට අප්‍රතිහත ධෛර්යකින් හා සාමුහිකව ක්‍රියාකල සංගමයේ ආරම්භක සාමාජිකයින් 189 දෙනාගේ කැපවීම මත අද දින වන විට ගජබා පරිනත නිලධරයන්ගේ සංගමය ප්‍රබල, වඩා අර්ථවත් ව්‍යාවස්ථාවකින් සමන්විත, වැඩි සාමාජික නියෝජනයක් සහිත සමාජ කර්තව්‍යන් සමුහයක් ක්‍රියාවට නංවන සමාජ ආයතනයක් බවට පත්වී ඇත.

ගජබා ප්‍රවීනයන්ගේ සංසධය උදෙසා සිය වටිනා සේවාවක් කැපකළ වියෝ වු විරුවන් 24 දෙනෙකු ශෝකයෙන් සුවපත් කරන අතර, විශේෂයෙන් කලින් සංගමයේ උප අනුශාසක වියෝ වු මේජර් ජෙනරල් ඩබ්ලිව්ඩීජීඒ ගුණසේකර ආර්එස්පී යුඑස්පි පීඑස්සී, කලින් ගරු ලේකම් තනතුර දැරූ වියෝ වු කර්නල් එච්එච්එල් ද සිල්වා කේඑස්වී හා පෙර භාණ්ඩාගාරින තනතුර දැරූ වියෝ වු එච්යු දාබරේ මහතා ගෞරව පුර්වකව සිහිකෙරේ.

රෙජිමේන්තු අධිපති හා මීට පෙර ගජබා පරිනත නිලධරයන්ගේ සංගමයේ සභාපතීත්වය දැරූ මේජර් ජෙනරල් (විශ්‍රාමික) එස්ටීටී ජයසුන්දර ආර්ඩබ්ලිව්පි වීඑස්වී යුඑස්පී පීඑස්සී සහ වර්ථමාන සභාපති කර්නල් ජීසී ප්‍රේමචන්ද්‍ර කේඑස්වී යන නිලධාරීන් දෙදෙනා පසුගිය දස වසරක කාලය තුල මෙම සංගමයේ බලකණු ලෙස ක්‍රියාකරන ලද හෙයින් සාමාජිකයින් විසින් සාමජිකයින් විසින් ඒකමතිකව තෝරාගනු ලැබීය.

2012 වසරේ මාර්තු මාසයේ පැවති වාර්ෂික මහා සම්මේලනයේදී ඉතිහාසයේ ප්‍රථම වරට සිදු වු සුවිශේෂී සිදුවීමක් වන්නේ මේජර් ජෙනරල් එස්ටීටී ජයසුන්දර උදෙසා “ගෞරවණීය සාමාජිකත්වයක්” පිළිගැන්වීමයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති තුමන් විසින් පහත සඳහන් පරිනත ගජබා නිලධරයන් පස් දෙනා හට 2008 වසරේදී “දේශකීර්ති ජ්‍යෙෂ්ඨ පුරවැසි” නාමය ප්‍රධානය කරන ලදි.

1. කර්නල් ඩීසී ප්‍රේමචන්ද්‍ර කේඑස්වී
2. කර්නල් එච්එච්එල් ද සිල්වා කේඑස්වී
3. කපිතන් ජේපී විමල්සන් නීල් ආර්ඩබ්ලිව්පී යුඑස්පී
4. බනි 1 එච්යු දාබරේ
5. බනි1 ඒබී කන්නන්ගර

ගජබා සුපර්ක්‍රොස් ධාවන තරඟාවලියන් තුළින් ලබන ආදායම් මුදල්, සාමාජිකයින්ගේ පරිත්‍යාග, සුභපතන්නන්ගේ පරිත්‍යාග හා පොපිමල් අලෙවියෙන් ලැඛෙන කොමිෂ් මුදල් වාර්ෂිකව මෙම සංගමයට බැරකරනු ලැබේ. එසේම සෑම වසර දෙකකට වරක් සාමාජික අරමුදල් තරකර ගැනීම සඳහා ලොතරැයිපත් අලෙවිය හා වේදිකා නාට්‍ය වැනි තවත් ව්‍යාපෘති ක්‍රියාවට නන්වයි.

2009 වසරේදී යුද්ධ හමුදාපති තුමන් විසින් ගජබා පරිනත නිලධරයන්ගේ සංගමය සඳහා කාර්යාල සංකීර්ණයක් හා නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1.5 ක් වටිනා ගොඩනැගිලි ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදි. මෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සිදුකරගෙන යනු ලබයි.

මෙම සංගමයේ විධායක කමිටු රැස්වීම සෑම මසකටම වරක් පවත්වනු ලබන අතර, එහිදී ඉදිරි වැඩසටහන් හා ක්‍රියාකාරකම් සාකච්ඡා කර තීරණයන්ට එළඹෙනු ලැබේ. විධායක කමිටු රැස්වීම සඳහා සෑම දිස්ත්‍රීක්කයකම නියෝජිතයින් සහභාගී වේ.

2001 වසරේ සිට විධායක කමිටු සාමාජිකයින්

නම සිට දක්වා
මේජර් සීඩබ්ලිව් කෝරළගමගේ යුඑස්පී 2001.01.27 2002.02.17
කර්නල් ඩීසී ප්‍රේමචන්ද්‍ර කේඑස්වී 2002.02.17 2015.03.29
ලූතිතන් කර්නල් ඒඩී සුභසිංහ ආර්එස්පී 2015.03.29 මේ දක්වා

ගරු ලේකම්වරුන්

නම සිට දක්වා
ලූතිතන් (උපා) එන්ජී සෝමපාල 2001.01.27 2002.02.17
කර්නල් එච්එච්එල් ද සිල්වා කේඑස්වී 2002.02.27 2008.09.07
ඩබ්ලිව්. ඒ. ගනේගම මහතා 2008.09.08 2009.01.08
ලූතිතන් කර්නල් එම්කේඑම්කේ අමරසිංහ ආර්එස්පී පීඑස්සී 2009.01.08 2016.03.20
ලූතිතන් කර්නල් සී ජේ වීරකෝන් ආර්ඩබ්පි පීඑස්සී එම්එස්සී 2016.03.20 මේ දක්වා

ගරු භාණ්ඩාගාරිකවරුන්

නම සිට දක්වා
කර්නල් ජීසී ප්‍රේමචන්ද්‍ර කේඑස්වී 2001.01.27 2002.02.17
ලූතිතන් (උපා) එන්ජී සෝමපාල 2002.02.27 2003.03.09
එච්. යු. දාබරේ මහතා 2003.03.09 2008.10.06
කපිතන් ජීවී චන්ද්‍රරත්න 2009.01.08 2009.02.18
කපිතන් ජේපී විමල්සන් නීල් ආර්ඩබ්ලිව්පී යුඑස්පී 2009.02.18 මේ දක්වා

ගරු උප සභාපතිවරුන්

නම සිට දක්වා
ඊ. එම්. සී. ඒකනායක මහතා 2001.01.27 2003.03.09
ටී. ඩබ්ලිව්. කේ. සෝමදාස මහතා 2003.03.09 2006.03.12
එන්. එන්.ජේ. පෙරේරා මහතා 2006.03.12 2010.03.07
එස්. එල්. කේ. දැඩිගම මහතා 2010.03.07 2013.03.17
මේජර් වීඑච් ජීවරත්න 2013.03.17 2015.03.29
ලූතිතන් කර්නල් සී ජේ වීරකෝන් ආර්ඩබ්පි පීඑස්සී එම්එස්සී 2015.03.29 2016.03.20
මේජර් (උපා) පී එච් චිල්ටස් ජේපී 2016.03.20 මේ දක්වා

ගරු උප ලේකම්වරුන්

නම සිට දක්වා
ඩබ්ලිව්. එම්. කරුණාරත්න මහතා 2001.01.27 2003.03.09
මේජර් බී එදිරිවීර 2003.03.09 2005.03.12
ලූතිතන් ඩබ්ලිව්ඩබ්ලිව් අල්විස් 2005.03.12 2008.03.16
ඩබ්ලිව්. ඒ. ගනේගම මහතා 2008.03.16 2009.02.18
එස්. එල්. කේ. දැඩිගම මහතා 2009.02.18 2010.03.07
කපිතන් ආර්ඒඅයි රයිගම 2010.03.07 2011.03.27
මේජර් එන්එස් තොටවත්ත ආර්එස්පී 2011.03.27 2012.03.18
කපිතන් ලලිත් අබේසේකර 2012.03.18 මේ දක්වා

ගරු උප භාණ්ඩාගාරිකවරුන්

නම සිට දක්වා
බනි 1 ජී උපසිංහ 2001.01.27 2002.02.17
බනි 1 එච්යු දාබරේ 2002.02.17 2003.03.09
බනි 1 ජී උපසිංහ 2003.03.09 2005.03.12
කපිතන් ෙජ්පී විමල්සන් නීල් ආර්ඩබ්ලිව්පී යුඑස්පී 2005.03.12 2009.01.08
බනි 1 ඩීඒ කුමාරදාස 2009.01.08 2012.03.18
ලූතිතන් කේඑම්සීඑස් ගලගොඩ 2012.03.18 2013.03.17
එන්. එන්. ජේ. පෙරේරා මහතා 2013.03.17 2016.03.20
මේජර් කේකේඅයිඑම් විමලසේන යුඑස්පී 2016.03.20 මේ දක්වා

2016 - 2017 වර්ෂයන් සඳහා නිලධාරි මඩුල්ල

2016 මාර්තු මස 20 වන දින වාද්දුව ලායා බීච් හෝටලයේදී පැවැත්වු ගජබා ප්‍රවීනයන්ගේ සංගමයේ 15 වන සංවත්සරික රැස්වීමේදී 2016 - 2017 වර්ෂයන් සඳහා පහත සඳහන් නිලධාරි මඩුල්ල තෝරා පත්කර ගන්නා ලදි.

ප්‍රධාන අනුශාසක - මේජර් ජෙනරල් (විශ්‍රාමික) එස්ටීටී ජයසුන්දර ආර්ඩබ්ලිව්පි වීඑස්වී යුඑස්පී පීඑස්සී
උප අනුශාසක - මේජර් ජෙනරල් (විශ්‍රාමික) සීවලී වනිගසේකර ආර්ඩබ්පි ආර්එස්පී වීඑස්වී යුඑස්පී පීඑස්සී
                         කර්නල් ජීසී ප්‍රේමචන්ද්‍ර කේඑස්වී
ගරු සාමාජික - මේජර් ජෙනරල් (විශ්‍රාමික) එස්ටීටී ජයසුන්දර ආර්ඩබ්ලිව්පි වීඑස්වී යුඑස්පී පීඑස්සී
ගරු සභාපති - ලූතිතන් කර්නල් ඒඩී සුභසිංහ ආර්එස්පී
ගරු උප සභාපති - ලූතිතන් කර්නල් සී ෙජ් වීරකෝන් ආර්ඩබ්පි පීඑස්සී එම්එස්සී
ගරු ලේකම් - ලූතිතන් කර්නල් එම්කේඑම්කේ අමරසිංහ ආර්එස්පී පීඑස්සී පීජීඩී සීපීඑස්
ගරු උප ලේකම් - කපිතන් ලලිත් අබේසේකර
ගරු භාණ්ඩාගාරික - කපිතන් ජේපී විමල්සන් නීල් ආර්ඩබ්ලිව්පී යුඑස්පි
ගරු උප භාණ්ඩාගාරික - මේජර් කේකේඅයිඑම් විමලසේන යුඑස්පී