Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

අභිත ගජබා වංශ කතාව

ශ්‍රි ලංකා ධරණිතලය තුළ ඓතිහාසික මෙන්ම පුජණිය වස්තූන් රාශියකින් සපිරුණු “වැව් බැඳි රාජ්‍ය” ලෙස විරුදාවලිය ලත් රජරට අනුරාධපුර ශුද්ධ නගරය ගජබා වංශ කථාවෙහි සුපිපුණු මුදුන් මල්කඩ බඳුය. ජය ශ්‍රි මා බෝ සමිදුන්ගේ ආරක‍්ෂාවත්, ස්වර්ණමාලි සෑ රදුන්ගේ කොත් කැරුල්ලේ ශ්‍රි කිරණත්, තිසාවැවේ නිල් දිය සිපගෙන එන සිසිල් මදනලත් ගජබා පවුලේ සාමාජිකයන් සැමට පිහිට ගෙන එන ආශිර්වාදයකි. දේශයේත්, ජාතියේත්, සංස්කෘතියේත් ප්‍රෞඪ ඉතිහාසය මනා කොට දක්වන රජරට, අනුරාධපුර සාලියපුර පිහිටි “ගජබා නිවහන” දේශයේ මුර දේවතාවුන් ලෙසින් ජනතා පිදුම් ලත් ශ්‍රේෂ්ඨ රණවිරු කැළකගේ මහ ගෙදර වේ.

දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පවතින ඛෙදු‍ම්වාදි ත්‍රස්තවාදයේ මුලාරම්භයත් සමග ඉදිරියේදි රටේ ආරක‍ෂාව සහ ජාතික ආරක‍්ෂාවට එරෙහිව ඇතිවිය හැකි අණතුරුදායක තත්ත්වය පිළිබඳව සළකා බලා 1980 ජනවාරි මස 15 වන දින ශ්‍රි ලංකා යුද හමුදාවේ පාබළ බළඇණියක් ලෙස 1 වන රජරට රයිෆල්ස් බළඇණිය ස්ථාපනය කරන ලදි. එහි පළමු අණදෙන නිළධාරි ලෙස ලූතිතන් කර්නල් ඩබ් කේ නානායක්කාර පත් විය. එවකට යුද හමුදාවට අයත්, සියලූම රෙජිමේන්තුවලින් නිලධාරින් සහ සෙසුනිළයින් කැඳවා පිහිටවනු ලැබු මෙම නව බළඇණිය අනුරාධපුර ගුවන් තොටුපලට යාබදව පිහිටි උතුරු මැද ප්‍රදේශ මුලස්ථානය තුළ තාවකාලිකව ස්ථානගත කරන ලදි.



ලූතිතන් කර්නල් ඩබ් කේ නානායක්කාර

එසේ පිහිටවන ලද 1 වන රජරට රයිෆල්ස් බළඇණිය සඳහා ස්ථීර කඳවුරක අවශ්‍යතාවය ඇති වු අතර, ඒ සඳහා ශ්‍රි ලංකාවේ ඉපැරණි ඉතිහාසයක් ඇති, පැරණි හෙළ රජ දරුවන් රාජධානිය කොටගත් අනුරාධපුර ආශ්‍රිත ග්‍රාමයක භූමි භාගයක් තෝරා ගැනීමට තීරණය විය. ඒ අනුව, අනුරාධපුර ආශ්‍රිතව පිහිටි “සාලියපුර” ග්‍රාමයේ කැළැබද ප්‍රදේශයක්ව පැවති රජයට අයත් අක්කර 100 කින් යුත් භූමි භාගයක 1 වන රජරට රයිෆල්ස් බළඇණියේ මුලස්ථානය පිහිටුවීමට සැළසුම් කොට, 1980 වසර මුල් භාගයේදිම කඳවුර ඉදිකිරිම ආරම්භ කරනු ලැබීය.

අනුරාධපුරයේ සිට යාපනය දෙසට දිවෙන ඒ 12 මාර්ගයේ කිලෝමිටර් 07 ක් පමණ දුරින් පිහිටි සාලියපුර ග්‍රාමයෙහි ඇති රජයට අයත් මෙම භූමි භාගය යුද හමුදාවට පවරා දීමෙන් පසු ප්‍රථමයෙන් ඉදිකිරිම් සැළැස්මකට අනුව ලඳු කැළය හා විශාල ගස් ඉවත් කර ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය භූමිය සැකසිම සිදුකරන ලදි. කඳවුරු මාර්ග පද්ධතිය සකස් කොට ගොඩනැගිලි ඉදිකිරිම් ආරම්භ කළ අතර, පසුව භටපිරිස් නේවාසිකාගාර ගොඩනැගිලි සංකිර්ණ 04 ක්ද, ඉදිරිපසින් මුරහලද ඊට යාබදව අවි ආයුධ හා පතොරම් ගබඩාවක්ද ඉදිකරන ලදි. ඉන් පසුව කඳවුරේ බටහිර මායිමට ආසන්නව සෙසුනිළ භෝජනාගාරය හා මුළුතැන්ගෙය සම්පුර්ණයෙන් ඉදිකිරිම අවසන් කොට, මුලස්ථාන ගොඩනැගිල්ලක් ඉදිකරන ලදි. මෙහි ආරක‍ෂක කටයුතු සඳහා අනුඛණ්ඩයක් වශයෙන් එවකට උපකරණ පාලක සැරයන් මේජර් වශයෙන් කටයුතු කළ සෙ/25064 බළලත් නිළධාරි 11 රඹුක්වැල්ල ජි ඇතුළු තිස් දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් සාලියපුර කඳවුරේ ස්ථානගත වන ලදි.

මෙසේ පිහිටවනු ලැබු 1 වන රජරට රයිෆල්ස් බළඇණිය 1981 වසර මුල් භාගයේදි යාපනය ප්‍රදේශයට ගොස් එහි රාජකාරින් ඉටු කොට නැවත සාලියපුර කඳවුර වෙත පැමිණෙන ලදි. අනතුරුව 1982 මැද භාගය වන විට ඒකක අණදෙන නිලධාරි හට ප්‍රදේශ මුලස්ථානය දියතලාව වෙත ස්ථාන මාරුවීමක් ලබා යාමට සිදු වු බැවින් එවකට ඒකකයේ 2 වන අණදෙන නිලධාරි තනතුරේ සිටි ලුතිතන් කර්නල් කේඑම්එස් පෙරේරා 1 වන රජරට රයිෆල්ස් බළඇණියේ අණදෙන නිලධාරි වශයෙන් පත්වන ලදි.



ලූතිතන් කර්නල් කේඑම්එස් පෙරේරා

හමුදා චර්යා නියෝග 07/08 ට අනුව 1980 ඔක්තෝබර් මස 18 වන දින සුබ මොහොතින් රජරට රයිෆල්ස් 2 වන (ස්වේච්ඡා) බළඇණිය ඓතිහාසික ත්‍රිකුණාමලය ෆෙඩ්ඩ්‍රික් බළකොටුව වාසස්ථානය කොට ගනිමින් ස්ථාපිත කරන ලදි. මේජර් ආර් ඒ කුරේ මෙහි ප්‍රථම අණදෙන නිලධාරි වශයෙන් පත්විය.



මේජර් ආර් ඒ කුරේ

යුද හමුදා නිත්‍ය බළසේනාවේ නවක සාමාජිකයෙකු ලෙස 1 වන විජයබාහු පාබළ රෙජිමේන්තුව 1981 මාර්තු මස 15 වන දින වව්නියාව ඉරට්ටපෙරියකුලම් කඳවුරේදී ආරම්භකර එහි ස්ථානගත වූ අතර, ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් නිලධාරියෙකු වු ලූතිතන් කර්නල් ටී ආර් ටී ජයතුංග මෙම බළඇණියේ ප්‍රථම අණදෙන නිලධාරි වශයෙන් පත්වන ලදි.



ලූතිතන් කර්නල් ටී ආර් ටී ජයතුංග

රජරට රයිෆල්ස් බළඇණිය සඳහා තවත් සාමාජිකයෙකු එක් කරමින් නවක බළඇණියක් ලෙස 3 වන (ස්වේච්ඡා) රජරට රයිෆල්ස් බළඇණිය 1981 අගෝස්තු මස 26 වන දින මින්නේරිය යුද හමුදා කඳවුරේ ස්ථාපිත කරන ලද අතර, එහි ප්‍රථම අණදෙන නිලධාරි වශයෙන් මේජර් කේ බී වර්ණසුරිය පත්වන ලදි. පසුව යුද හමුදා මුලස්ථානය ගත් තීරණයකට අනුව 1982 පෙබරවාරි මස මුල් භාගයේදී 1 වන විජයබාහු පාබළ රෙජිමේන්තුව මින්නේරිය කඳවුරට ස්ථාන ගතවීම පිණිස පැමිණි බැවින් එවකට එහි සිටි 3 වන (ස්වේච්ඡා) රජරට රයිෆල්ස් බළඇණිය ත්‍රිකුණාමලය ෆෙඩ්ඩ්‍රික් බලකොටුව වෙත පිටත් කර, එය 1982 පෙබරවාරි මස 15 වන දින සිට 2 වන (ස්වේචිඡා) රජරට රයිෆල්ස් බළඇණිය සමග ඒකාබද්ධ කොට 2/3 වන (ස්වේච්ඡා) රජරට රයිෆල්ස් නමින් එක් බළඇණිය ක් ලෙස බිහි විය.

1 වන රජරට රයිෆල්ස් බළඇණියෙහි භට කණ්ඩායමක් 1983 වසරේදි පැවති ජනමත විචාරණය සඳහා යාපනය ප්‍රදේශයේ රාජකාරින් සඳහා යොදවන ලදි. එම රාජකාරින්හි යෙදි සිටියදී ආරක‍්ෂාව සඳහා යාපනය කන්දර්මඩම් ඡන්ද මධ්‍යස්ථානයට යොදවා සිටි භට පිරිස් වෙත ත්‍රස්ථවාදි ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් එහි ආරක‍්ෂක භටයෙකු වශයෙන් රාජකාරියෙහි යොදවා සිටි සෙ/25478 සාසෙ ජයවර්ධන ජේඑස්එස් 1983 මැයි මස 18 වන දින මියයන ලද අතර, ඔහු රජරට රයිෆල්ස් බළඇණියට අයත් ත්‍රස්ථවාදි ප්‍රහාරයකින් මිය ගිය පළමු සෙබළා විය. මෙම සිද්ධියෙන් පසු එහි සිටි සෙබළුන් පිරිසක් විනය විරෝධි ලෙස හැසිරුන අතර, රාජකාරින් අවසානයේ 1983 ජුලි මස 15 වන දින සියළු භට පිරිස් නැවත සාලියපුර කඳවුර වෙත ගෙන්වන ලදි.



මේජර් කේ බී වර්ණසුරිය

කර්නල් එල් ඩි සි ඊ වෛද්‍යරත්න පිඑස්සි

මෙම සිද්ධියේදී ඔවුන් සිදුකරන ලද විනය කඩකිරීම් හේතුවෙන් පැවැත් වු විනය පරික‍්ෂණයෙන් පසු බළඇණියට අයත් කොමිෂන් නොලත් නිළධාරින් 04 දෙනෙකුගේ සේවය අත්හිටුවන ලද අතර, එයට විරෝධය පා තවත් සෙබළුන් පිරිසක් විනය විරෝධි ලෙස සේවය අත්හැර යන ලදි. මෙම තත්ත්වය මත 1 වන රජරට රයිෆල්ස් බළඇණියට නව අණදෙන නිලධාරිවරයෙකු වශයෙන් ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බළකායට අයත් නිලධාරියෙකු වූ ලූතිතන් කර්නල් එල් ඩී සී ඊ වෛද්‍යරත්න පීඑස්සි සාලියපුර කඳවුරේදි රාජකාරි භාරගැනීම් සිදුකර ටික දිනකින් බළඇණි සාමුහික පුහුණුවීම් සඳහා බළඇණියට අයත් භටපිරිස් දියතලාව ස්වේච්ඡා බළසේනා පුහුණු කඳවුර වෙත රපෝර්තු කරවන ලදි.

මෙහිදි සාලියපුර කඳවුරේ ඇති වු පුරප්පාඩුව පිරවීම සඳහා මින්නේරිය කඳවුරේ ස්ථානගතව සිටි විජයබාහු පාබළ රෙජිමේන්තුවේ භට පිරිස් 1983 ජුනි මස සාලියපුර කඳවුර වෙත පැමිණ ස්ථානගතවන ලදි. බළඇණි පුහුණුවීම් වලින් පසුව 1 වන රජරට රයිෆල්ස් බළඇණිය ට අයත් භටපිරිස් 1983 ජුලි මස ඇති වු ජනවාර්ගික අරගල මැඩලිමේ රාජකාරි සඳහා කොළඹ ප්‍රදේශයට පිටත්කර යැවිණි. පසුව මෙම බළඇණිය කොළඹ සිට සාලියපුර කඳවුරට නැවත කැඳවන ලද අතර, මේ කාලවකවානුව වන විට ශ්‍රී ලංකා යුද හමුදාවට මිට පෙර නොවු විරු අන්දමට ත්‍රස්තවාදින් මැඩලිමේ රාජකාරින්හි නිරත විමට සිදු විය. මේ නිසා උපරිම පිරිස් බලය යොදා ක්‍රියාන්විත රාජකාරින්වල යෙදවීමේ අවශ්‍යතාවය ඇති වුයෙන් යුද හමුදා මුලස්ථානය විසින් ගන්නා ලද තිරණයකට අනුව 1 වන රජරට රයිෆල්ස් බළඇණිය හා 1 වන විජයබාහු පාබළ රෙජිමේන්තුව එක්කර “නව පාබළ ඒකකය” නමින් පිරිස් බලයක් සහිත නව ඒකකයක් ස්ථාපනය කරන ලදි.

මෙම ඒකකය රජරට පුරාණ රජවරුන්ගේ රාජධානියෙහි පිහිටා ඇති බැවින්, මෙම නව පාබළ ඒකකයට සුදුසු නාමයක් ලබා දීමේදී එය කිර්තිමත් රණශූර නරපතියෙකුගේ නමින් නම් කරනු ලැබුවේ එමගින් මෙම ඒකකයෙහි සෙබළුන් හට ජයග්‍රහණය කරා එළඹීමට අවශ්‍ය ශක්තිය හා චිත්ත ධෛර්යය ලැබිය හැකි වන ලෙසටය. මෙම ඒකකයට යුද ශිල්පයේ නිපුන රණශුරයෙකු වු “ඇතෙකුට සමාන ශක්තිමත් හස්තයක් ඇති” යන තේරුම සහිත නාමයක් ඇති ලක් ඉතිහාසයේ රණශූරත්වයෙන් කෙළ පැමිණි රජෙකු වු 1 වන ගජබාහු නරේන්ද්‍රයාණන්ගේ නාමයෙන් “ගජබා” නමින් නම්කොට, 1 වන බළඇණීය ගජබා රෙජිමේන්තුව 1983 ඔක්තෝබර් මස 14 වන දින ශ්‍රි ලංකා යුද හමුදා පෙළපතට පතාක යෝධයෙකු ලෙසින් එක්වීම ගජබා වංශ කථාවෙහි සුවිශේෂි සංධිස්ථානයකි. මෙහි ප්‍රථම අණදෙන නිළධාරි වශයෙන් ලූතිතන් කර්නල් ඩබි අයි වි කේ එම් විමලරත්න පිඑස්සී පත් වී ඉතිහාසයට එක් විය.



ලූතිතන් කර්නල් ඩබි අයි වි කේ එමි විමලරත්න පිඑස්සි

ඉන් අනතුරුව 2 වන (ස්චේච්ඡා) රජරට රයිෆල්ස් බළඇණිය හා 3 වන (ස්චේච්ඡා) රජරට රයිෆල්ස් බළඇණිය යන බළඇණි දෙකම ඒකාබද්ධ කර ගොඩනගන ලද 2/3 වන (ස්චේචච්ඡා) රජරට රයිෆල්ස් බළඇණිය 1983.10.14 වන දින විසුරුවා හැර, එදින සිට නව බළඇණියක් ලෙසින් 2 වන (ස්‍වේච්ඡා) බළඇණිය ගජබා රෙජිමේන්තුව නමින් ත්‍රිකුණාමළය ෆෙඩ්ඩ්‍රික් බළකොටුව තුල ස්ථාපිත කරන ලද අතර, මෙම නව බළඇණියේ ප්‍රථම අණදෙන නිලධාරි ලෙස ගැමුණු හේවා රෙජිමේන්තුවට අයත් නිලධාරියෙකු වු ලුතිතන් කර්නල් ඩබ් ආර් විජේරත්න පත් කරන ලදි.

මෙම නිත්‍යය හා ස්වේච්ඡා බළඇණිවල උදෘතපාඨය ලෙස “සමගිය ශක්තියයි” යන වදන භාවිතා කරන ලදි. මෙම නව බළඇණිය වෙනුවෙන් සිරස්ක ලාංඡනයක් නිර්මාණය කිරීම සඳහා මහත් කැපවීමෙන් කටයුතු කළ ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ ලූතිතන් කර්නල් ඩබ්ලිව් අයි වී කේ එම් විමලරත්න පීඑස්සි ගේ සංකල්පයක් අනුව, ගජබා රජු යුද කටයුතු සඳහා භාවිතා කළ කෙටේරිය, පළිහ සහ ඛෙහෙත් අඟ ඇතුලත් කර කළාත්මකව එය නිර්මාණය කරන ලදි. මෙම සිරස්ක ලාංඡනය යුද හමුදා මුලස්ථානය මගින් අනුමත කිරීමෙන් අනතුරුව, 1984 මාර්තු මස 30 වන දින සාලියපුර කඳවුරේදි උත්සවාකාරයෙන් සිරස්ක ලාංඡන පැළඳවීම සිදුවිය.



ගජබා රෙජිමේන්තුවේ සිරස්ථ ලාංඡනය



අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩබ් අයි වී කේ එම් විමලරත්න සිරස්ක ලාංඡන පැළඳවීමේ පෙළපාලියට සහභාගී වු අයුරු

ශ්‍රී ලාංකීය යුධ ඉතිහාසයේ දක්ෂ අණදෙන නිලධාරින්ගේ අණදීම යටතේ කුරිරු ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීම සඳහා වන්නි සටන් බිමේ පෙරමුණ ගෙන ක්‍රියකල කීර්තිමත් ‍රෙජිමේන්තුවක් ලෙස ගජබා රෙජිමේන්තුව හැඳින්විය හැක. යුධ සමය නිමාවීමෙන් පසුවද මෙම ගජබා රෙජිමේන්තුවට අයත් නිලධාරින් සහ භටපිරිස් රටේ සාමය ආරක්ෂා කිරිම සඳහා මෙන්ම රටේ සංවර්ධන කටයුතු සඳහාත් මහත් දායකත්වයක් දක්වමින් ක්‍රියා කරනු ලබයි. වර්ථමානයේදී මෙම රෙජිමේන්තුව නිත්‍ය බළඇණි 13 කින්, ස්වේච්ඡා බළඇණී 04 කින් හා එක් රෙජිමේන්තු මුලස්ථාන බළඇණියෙන්ද සමන්විත වේ.

එසේ දීර්ඝ ඉතිහාසයක සිට ව්‍යාප්තිය ලද ගජබා රෙජිමේන්තුව ත්‍රස්ථවාදි ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීම සඳහා පෙරමුණ ගෙන ක්‍රියාකල අතර, ගජබා රෙජිමේන්තුව සතු සියළුම බළඇණි ත්‍රස්ථවාදි ක්‍රියාකාරකම් පවතින ප්‍රදේශ වල ස්ථානගත කිරිම තුලින් ත්‍රස්ථවාදය මෙරටින් තුරන් කිරිම සඳහා වු සෑම අවස්ථාවන්හිදි ම සිය දායකත්වය ලබාදෙන ලදි. එමෙන්ම මානුෂිය මෙහෙයුම ආරම්භයේ සිටම අවසන් සටන දක්වාත් සිය නායකත්වය ලබාදීම සදහා ගජබා රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසකට ද අවස්ථාව ලැබිණ. ලුතිතන් ජෙනරාල් එන් ඒ ජේ සී ඩයස් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, මේජර් ජෙනරාල් එස් ඩබ්ලිව් එල් දවුලගල ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු,මේජර් ජෙනරාල් ජී ඩී එච් කේ ගුණරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී එන්ඩීසී, මේජර් ජෙනරාල් එල් එච් එස් සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වීආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී, මේජර් ජෙනරාල් සීපි ගාල්ලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පීයුඑස්ඒඩබ්ලිව්සී,මේජර් ජෙනරාල් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් එන් රණවන ආර්ඩබ්ලිව්පී ආර්එස්පීපීඑස්සී, මේජර් ජෙනරාල් එන් ඒ ධර්මරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එව්ඩීයු පීඑස්සී, මේජර් ජෙනරාල් ඩී එම් එස් දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, මේජර් ජෙනරාල් ජී වී ඩී යු ඒ පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යුඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ත්‍රස්තවාදය විනාශ කිරීමේ අවසන් සටන වන මානුෂීය මෙහෙයුමේදී නායකත්වය ගෙන ක්‍රියාකර ඇත. මෙරට ත්‍රස්ථවාදය ආරම්භයේ සිට වන්නි මානුෂිය මෙහෙයුම තුලින් ත්‍රස්ථවාදය මෙරටින් තුරන් කිරිම දක්වාම වු කාලපරිච්ඡේදය තුල ගජබා රෙජිමේන්තුවට අයත් නිලධාරින් 171 දෙනෙකු හා සෙසුනිලයින් 4079 දෙනෙකු උපන් දේශය රැකගැනීම වෙනුවෙන් සිය ජීවිත පුජාකර ඇත. රෙජිමේන්තුවේ නිලධාරින් හා සෙසුනිලයන් පෙන්වා ඇති දක්ෂතා වෙනුවෙන් පරම වීර විභූෂණ පදක්කම් - 04 ක් ද, වීරෝධාර විභූෂණ පදක්කම් - 03 ක් ද, වීර වික්‍රම විභූෂණ පදක්කම් - 59 ක්ද, රණ වික්‍රම පදක්කම් - 735 ක් හා රණ ශූර පදක්කම් - 3798 ක් මෙම රෙජිමේන්තුව වෙත හිමිගන්වා ඇත.

ලුතිතන් ජෙනරාල් එන් ඒ ජේ සී ඩයස් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී
සේනාංකාධිපති - 56 සේනාංකය
සේනාංකාධිපති - 57 සේනාංකය

 

මේජර් ජෙනරාල් එස් ඩබ්ලිව් එල් දවුලගල ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු එන්ඩීසී
සේනාංකාධිපති - 21 සේනාංකය
සේනාංකාධිපති - 61 සේනාංකය

 

මේජර් ජෙනරාල් ජී ඩී එච් කේ ගුණරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී එන්ඩීසී
සේනාංකාධිපති - 53 සේනාංකය
සේනාංකාධිපති - 55 සේනාංකය

 

මේජර් ජෙනරාල් එල් එච් එස් සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී
සේනාංකාධිපති - 58 සේනාංකය

 

මේජර් ජෙනරාල් සීපි ගාල්ලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යුඑස්ඒඩබ්ලිව්සී
සේනාංකාධිපති - 59 සේනාංකය

 

මේජර් ජෙනරාල් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් එන් රණවන ආර්ඩබ්ලිව්පී ආර්එස්පීපීඑස්සී
නියෝජ්‍ය සේනාංකාධිපති - 55 සේනාංකය

 

මේජර් ජෙනරාල් එන් ඒ ධර්මරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එව්ඩීයු පීඑස්සී
බලසේනාධිපති - 553 බලසේනාව

 

මේජර් ජෙනරාල් ඩී එම් එස් දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී
බලසේනාධිපති - ගුවන් සංග්‍රමික බලසේනාව

 

මේජර් ජෙනරාල් ජී වී ඩී යු ඒ පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යුඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී
අධ්‍යක්ෂක ක්‍රියාන්විත - යුද්ධ හමුදා මුලස්ථානය

 



වන්නි මානුෂිය මෙහෙයුම සදහා ගජබා රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වී සිටින අතරතුර එක් ක්‍රියාන්විත මැදිරියක සිට ඉදිරි ක්‍රියාන්විතයන් සදහා සැලසුම් සිදු කරන අයුරු.

01. ලුතිතන් ජෙනරාල් එන් ඒ ජේ සී ඩයස් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී
02. මේජර් ජෙනරාල් ජී ඩී එච් කේ ගුණරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී එන්ඩීසී
03. මේජර් ජෙනරාල් එල් එච් එස් සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී
04. මේජර් ජෙනරාල් සීපි ගාල්ලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යුඑස්ඒඩබ්ලිව්සී
05. බ්‍රිගේඩියර් ඩබ්ලිව් ඒ එම් වීරසුරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී

ශ්‍රී ලංකාද්වීපයේ ආරක‍්ෂාව හා උන්නතිය උදෙසා කළ මහගු හා අමිල සේවාව වෙනුවෙන් තම වටිනා ජීවිත කැපකළ හා රුධිරය වැගුරූ දහස් ගනණක් වූ වීරෝධාර රණවිරුවන් හට උපහාර පිදීම යුගයේ අවශ්‍යතාවක් බව පසක් වූ හෙයින්, සමස්ත යුද හමුදා ඉතිහාසයේ පවත්නා සම්ප්‍රදායන් හා චාරිත්‍රයනට අනුකූල පාබල රෙජිමේන්තු සඳහා පමණක්ම ප්‍රදානය කරනු ලබන ජනාධිපති වර්ණ හා රෙජිමේන්තු වර්ණ ගජබා රෙජිමේන්තුව වෙත ප්‍රදානය කිරිම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති විසින් වර්ෂ 2007 ක් වු ජනවාරි මස 16 වන දින යුද හමුදා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් යුද හමුදා මුලස්ථාන ක්‍රීඩා පිටියේදී අති උත්කර්ෂවත් අන්දමින් පිරිනැමීම ගජබා පවුලේ සියලුම සාමාජිකයින්ගේ ප්‍රෞඩත්වය විදහා දැක්වීමක් මෙන්ම, එය සියලුම ගජබා රණවිරුවන් ලද සුවිශේෂි ජයග්‍රහණයක් බව සඳහන් කළ යුතුය.

ජනාධිපති වර්ණ සහ රෙජිමේන්තු වර්ණ ධජ සමගින් පෙළපාලිය අතිගරු ජනාධීපති උතුමාණන් වෙත ආචාර දැක්වූ අයුරු

 

රෙජිමේන්තුවට අභිමානය ගෙන එමින් අතිගරු ජනාධීපති උතුමාණන් වෙතින් ප්‍රධානය වූ ජනාධිපති වර්ණ සහ රෙජිමේන්තු වර්ණ