Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

22nd August 2023 11:04:34 Hours

“අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලිය 2023” ශූරතාවය කෙටේරියන් ස්කොෂ් කණ්ඩායම දිනා ගනී

“අන්තර් රෙජිමේන්තු ස්කොෂ් ශූරතාවලිය - 2023” ජූලි මස 31 දින සිට අගෝස්තු මස 09 වැනි දින දක්වා මත්තේගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු ස්කොෂ් ක්‍රීඩාංගන සංකීර්ණයේදී පැවැත්විණි. මෙම තරඟය සඳහා රෙජිමේන්තු 11 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ අතර, මෙම තරඟාවලියේදී ගජබා රෙජිමේන්තු ස්කොෂ් කණ්ඩායම ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් තරගාවලිය පුරාම සිය ආධිපත්‍යය පතුරුවමින් ශූරයන් බවට පත්වන ලදි. ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය පිළිවෙලින් අනුශූරතාව 2 වැනි අනුශූරතාව හිමිකර ගත්හ.

තරඟාවලියේ සහතිකපත් ප්‍රදානෝත්සවය අගෝස්තු මස 10 වැනි බ්‍රහස්පතින්දා දින මත්තේගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා ස්කොෂ් ක්‍රීඩාංගන සංකීර්ණයේදී පැවැත්විණි.

තරඟයේ ජයග්‍රාහකයින් :

විවෘත පිරිමි ඉසව්ව

ප්‍රථම ස්ථානය - සෙ/ජී101449 ලා/කෝප්‍රල් ඩැනියල් එස්එන්

අවුරුදු 50 ට වැඩි ඉසව්ව (පිරිමි)

දෙවන ස්ථානය - නි/66778 කපිතන් යසරත්න සිල්වා

විවෘත පිරිමි කණ්ඩායම් ඉසව්ව

ශුරතාවය

සෙ/477009 කෝප්‍රල් වීරකෝන් ඩීඩීඑස්

සෙ/479788 ලා/කෝප්‍රල් එදිරිසිංහ පී

සෙ/483335 ලා/කෝප්‍රල් බංඩාර ඒජීටීඩී

සෙ/485820 ලා/කෝප්‍රල් සෙනවිරත්න එස්එස්

සෙ/ජී101449 ලා/කෝප්‍රල් ඩැනියල් එස්එන්