Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

08th August 2023 10:55:17 Hours

“101 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාව - 2023” කවපෙත්ත විසිකිරීමේ ප්‍රථම ස්ථානය කෙටේරියන්ස් පවුලට

ජාතික මලල ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කරන ලද “101 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය - 2023” ජූලි 27, 28 සහ 29 යන දිනයන්හිදී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පවත්වන ලද අතර, එම තරගාවලියේදී මීටර් 47 යි, සෙමි: 89 යි දුරක් කවපෙත්ත විසිකර ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ගජබා රෙජිමේන්තුවේ කපිතන් මලිත් සපරමාදු (12 ගරෙ) සමත්වන ලදි.

එම තරගාවලියේදී සාසෙ මිතුන්රාජ් එස් (ශ්‍රීලවියාඉ) විසින් මීටර් 44.85 ක දුරක් විසිකර දෙවැනි ස්ථානයද, කෝප්‍රල් මිලන්ත සම්පත් ඩබ්ලිව්ඩීඑම් (ශ්‍රීලවියාඉ) විසින් මීටර් 44.06 ක දුරක් විසිකර තෙවැනි ස්ථාන ද හිමිකර ගත්හ.

කපිතන් මලිත් සපරමාදු විසින් මීටර් 47.89 ක දුරක් කවපෙත්ත විසිකරමින් පෙර වසරේ ඔහු විසින් තබා තිබු මීටර් 46.10 වාර්තාව ද බිඳ දමන ලදි.