Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

10th April 2018 14:22:13 Hours

සිංහල හා හින්දු අලූත් අවුරුදු උත්සවය අති උත්කර්ෂවත් ලෙස මෙවරත් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්වුණි

ගජබා රෙජිමේන්තු අධිපති හා විධායක ජෙනරල් මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ උපදෙස් පරිදි සිංහල හා හින්දු අලූත් අවුරුදු උත්සවය සහ අවුරුදු පොල මෙම මස 07 සහ 08 යන දිනයන්හිදී ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රීඩාංගනයේදී අති උත්කර්ශවත් ලෙස පැවැත්විණ. අප්‍රේල් මස 07 වන දින අවුරුදු පොලක්ද 08 වන දින අවුරුදු උත්සවයක්ද එදින රාත්‍රියේ සුප්‍රසිද්ධ ගායන තරු රැසක් පිරිවරා සංගීත රාත්‍රියක්ද පැවැත්වුණි. පාපැදි ධාවන තරඟය, මැරතන් ධාවන තරඟය, කඹ ඇදීම, අවුරුදු කුමරා සහ කුමරිය තේරීම ඇතුලූ ප්‍රසිද්ධ ජන ක්‍රීඩා රැසකගෙන් සමන්විත වු මෙම අලූත් අවුරුදු උත්සවය සංස්කෘතික නැටුම් අංගයන් කිහිපයකින් ද සාම්ප්‍රදායික ගැමි ගෙදරකින්ද විචිත්‍රවත් විය. රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වු අතර, අප්‍රේල් මස 08 වන දින එතුමන්ගේ සුරතින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව අවුරුදු උත්සවයේ සමාරම්භය සනිටුහන් කෙරිණ. ගජබා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිණී සුජීවා නෙල්සන් මැතිණිය සහ අනෙකුත් සාමාජිකාවන්ද, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන වැඩ බලන මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් මහින්ද රාජපක‍ෂ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී, රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් විශාල ප්‍රමාණයක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය. ප්‍රදේශයේ විශාල සිවිල් ජනතාවගේද සහභාගීත්වයෙන් පැවැත්වුන මෙම අලූත් අවුරුදු උත්සවය ඉතාමත් අලංකාරවත් හා විනෝද ජනක ලෙස පැවැත්වීමට සියලූ කටයුතු සුදානම්කර තිබුණි.