Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

04th November 2022 18:57:19 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යනු ලැබු ගජබා රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් තිදෙනෙකු වෙනුවෙන් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උපහාර උ‍‍ළෙලක් පවත්වන ලදි.

ගජබා රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු වු 22 වන සේනාංකයේ සේනාංකාධිපති තනතුරෙහි රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරාල් සනත් අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ජ්‍යෙෂ්ඨ ආරක්ෂක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණඩලයේ අධ්‍යක්ෂක තනතුරෙහි රාජකාරි කරනු ලැබූ මේජර් ජෙනරාල් ශාන්ත රණවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පිඑස්සී හා 121 වන පාබල බලසේනාවේ බලසේනාධිපති වශයෙන් රාජකාරි කරනු ලැබූ බ්‍රිගේඩියර් උදය සේරසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීම නිමිත්තෙන් 2022 ඔක්තෝබර් මස 05 වන දින ගජබා නිවහනේදී උත්කර්ෂවත් ලෙස උපහාර උළෙලක් පවත්වන ලදි.

එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි අවස්ථාවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් උණුසුම් ලෙස පිළිගත් අතර, ගජබා රෙජිමේන්තු ප්‍රධාන පිවිසුමේදී කඳවුරු මුරයකින් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනා වෙනුවෙන් උපහාර පිරිනමනු ලැබිය. අනතුරුව ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ පිළිරුව වෙත මල් කළඹක් තබා පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භුමියේදී මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් පිරිනමනු ලැබු සම්මාන පෙළපාලීන් සඳහා සහභාගී විය.

එහිදී මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී තිදෙනා විසින් රැස්ව සිටි පිරිස අමතා අදහස් දක්වමින් මෙවන් උපහාර උළෙලක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් රෙජිමේන්තු අධිපති තුමන්, මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුලු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් වෙත සිය කෘතඥතාවය පළ කල අතර, ඉන් අනතුරුව සියලුම නිලයන්ගේ සහභාගීත්වයෙන් පැවති තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ හා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ රෙජිමේන්තු අධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම යටතේ මෙම උපහාර උත්සවය සංවිධානය කරනු ලැබු අතර, මෙම සමුගැනීමේ අවස්ථාව වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදි. මෙහි ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගී විය.

මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) කර්නල් සම්බන්ධිකරණ තනතුරෙහි රාජකාරි කරන ලද කර්නල් කපිල ආරියදාස ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු රෙජිමේන්තු මන්ත්‍රණ සභා සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන්, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම මාණ්ඩලික නිලධාරීන්, ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ භාර්යාවන් ද මෙම වර්ණවත් අවස්ථාවට සහභාගී විය.