Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

06th June 2022 11:49:38 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගනු ලැබූ ගජබා රෙජිමේන්තුවට අයත් කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරි වරයෙකු වූ බ්‍රිගේඩියර් ඩීවීපී කාරියවසම් ආර්එස්පී වෙත ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උපහාර උලෙලක් පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය පුනරුප්තාපන කොමසාරිස් ජෙනරාල් බි‍්‍රගේඩියර් විරාජ් කාරියවසම් ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීම නිමිත්තෙන් 2022 මාර්තු මස 16 වන දින ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි උපහාර උලෙලක් පවත්වන ලදී.

එම ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් රෙජිමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්ඩබ්ලිව්එස් මිල්ලගල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් උණුසුම් ලෙස පිළි ගැනීමෙන් පසු උත්සවයේ වැඩ කටයුතු ආරම්භ විය. ඉන් පසුව, ගජබා රෙජිමේන්තු ප්‍රධාන පිවිසුමේ දී කඳවුරු මුරයකින් එතුමන් පිළිගන්නා ලදී. අනතුරුව එතුමන් විසින් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන්ගේ පිළිරුව වෙත මල් කළඹක් තබා පුෂ්පෝපහාර පුද කිරීමෙන් පසු ඔහු වෙනුවෙන් පැවැති සම්මාන මුරය පිලිගැනීම සඳහා සරඹ භූමිය වෙත පැමිණෙන ලදී. සරඹ භූමියේදී සම්මාන මුරයක් පිරිනමා රෙජිමේන්තුවේ ගෞරවාචාරය ඔහුට පුදදෙන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූස්පී එන්ඩීයූ පීඑස්සී එම්ෆිල් ගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම උත්සවය එදින රාත්‍රියේ වර්ණවත් රාත්‍රී භෝජන සංග්‍රහයකින් පසුව නිමාවට පත්විය.

මෙම රාත්‍රි භෝජන සංග්‍රහයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ශ්‍රි ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් සහභාගී විය. මෙම උත්සවය සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභා සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් එක්ව සිටියහ.