Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

20th February 2022 16:45:56 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේන් විශ්‍රාම යනු ලබන ගජබා රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් ක්‍රිස්ටි ජයසිංහ ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් වෙත ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උපහාර උලෙලක් පවත්වන ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා බලසේනාවේ හිටපු නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් ජේඩීසීජී ජයසිංහ කේඑස්පී කේඑස්වී යන ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීම නිමීත්තෙන් 2022 පෙබරවාරි මස 12 වන දින ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි උපහාර උලෙලක් පවත්වන ලදී.

එම ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් රෙජිමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්ඩබ්ලිව්එස් මිල්ලගල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් උණුසුම් ලෙස පිළිගත් අතර, ගජබා රෙජිමේන්තු ප්‍රධාන පිවිසුමේ දී කඳවුරු මුරයකින් අනතුර එතුමන් පිළිගන්නා ලදී. ඉන් අනතුරුව ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන්ගේ පිළිරුව වෙත මල් කළඹක් තබා පුෂ්පෝපහාර දක්වා ඉන් අනතුරුව රෙජිමේන්තු සරඹ භුම්යේදී සම්මාන මුරයක් පවත්වන ලදී.

පසුව සියලුම නිලයන්ගේ සහභාගීත්වයෙන් තේ පැන් සංග්‍රහයක් පවත්වනු ලැබූ අතර, එහිදී රැස්ව සිටි පිරිස අමතා අදහස් දක්වමින් මෙවන් උපහාර උළෙලක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් රෙජිමේන්තු අධිපති තුමන්, මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුලු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියළුම නිලධාරීන් සහ සෙසුනිලයින් වෙත සිය කෘතඥතාවය පළ කළේය.

මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරිවරුන්, ඒකක අණදෙන නිලධාරිවරුන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිත්‍ය කාර්ය මණ්ඩලයට අයත් සියලු නිලධාරින්, සෙසුනිලයින් සහභාගි වන ලදී.