Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

01st May 2018 15:01:04 Hours

වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය - 2018

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරල් හා ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මගපෙන්වීම මත ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් මෙවරත් වෙසක් උත්සවයට සමගාමීව රෙජිමේන්තුවට අයත් සියලූ බළඇණි හා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඇති අංශ හා ආයතන විසින් නිර්මාණය කරන ලද වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක් හා විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබුණි.

ඉතාමත් නිර්මාණශීලි හා කලාත්මක අයුරින් නිර්මාණය කර තිබුණු මෙම වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් හරේන්ද්‍ර පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ සුරතින් බැතිමතුන්ගේ ප්‍රදර්ශනය සඳහා විවෘත වු අතර, මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුලූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් විශාල ප්‍රමාණයක් සහභාගී වන ලදි.