?

Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

22nd June 2025 21:30:22 Hours

රෙජිමේන්තු අධිපති තුමන් 1 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිල සංචාරයක් සිදු කරන ලදි.

ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එම් ජි ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් එම් සි බි වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි එම්ඒ (අයිආර්) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් ගජබා රෙජිමේන්තුවේ 1 වන බලඇණිය වෙත 2025 ජුනි 16 වන දින නිල සංචාරයක් සිදු කරන ලදි. මෙම නිල සංචාරයේ අරමුණ වූයේ රෙජිමේන්තුවේ නායකත්වය, එකමුතුකමේ ආදර්ශය සහ ශක්තිය පිළිබිඹු කරවීමයි.

මෙම සංචාරය සාම්ප්‍රදායික හමුදා ගෞරව සහිතව සිදුකල අතර, චාරිත්‍රානුකූල පසුකර යෑමේ සම්මාන මුරයකින් ආරම්භ විය, පසුව අණදෙන නිලධාරියා විසින් පවත්වන ලද ඉදිරිපත් කිරීමෙන් පසු, භට පිරිස් ඇමතීම, සංකේතාත්මක පැළ සිටුවීමේ උත්සවයක් සහ නිලධාරීන් සහ අනෙකුත් නිලයන් සමඟ සමූහ ඡායාරූප වලටද පෙනී සිටින ලදි, මේ සියල්ල රෙජිමේන්තුවේ එකමුතුකමේ ශක්තිය සහ අභිමානය පිළිබිඹු කරයි. ගජබා රෙජිමේන්තුව විශිෂ්ටත්වය සඳහා කැපවී සිටින බව සහතික කරමින්, මූලික වටිනාකම්, නායකත්වය, කණ්ඩායම් හැඟීම සහ රෙජිමේන්තු අභිමානය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය රෙජිමේන්තු අධිපතිවරයා විසින් අවධාරණය කරන ලදී.