Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

04th July 2018 09:29:03 Hours

රෙජිමුබගරෙ නේවාසික රණවිරුවන්ගේ ප්‍රයෝජනය අංග සම්පුර්ණ ජල චිකිත්සක පිහිණුම් තඨාකයක් ඉදිකිරිම ස‍දහා මුල්ගල තැබිම

මෙම රෙජිමේන්තුවට අයත් ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී තුවාල ලබා රණක්ෂිතයට පත් දැනට රෙජිමුබගරෙ ඒකකය වෙත ඇතුලත්කර සිටින නිලධාරීන් සහ සෙසුනිළයින්ගේ ප්‍රයෝජනය සඳහා “Coyle” කාන්තා සංසඳයේ ගරු සභාපතිතුමිය වන ෂෙහානි පියසේන මැතිණියගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකිරිමට යෝජිත ජල චිකිත්සක පිහිණුම් තඨාකය ස‍දහා මුල්ගල තැබීම රෙජිමේන්තු මුලස්ථාන බළඇණියේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ජානක විතානාච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ආරාධනයෙන් යුද්ධ හමුදා විධායක ජෙනරල් හා ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි පිඑස්සි හා එම මැතිණිය වන ගජබා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිණී සුජිවා නෙල්සන් මැතිණිය විසින් 2018 ජුනි මස 23 වන දින පෙරවරු 11.37 ට යෙදුන සුභමොහොතින් රෙජිමේන්තු මුලස්ථාන බළඇණිය - සේනපුර කඳවුරේදි සිදුකරන ලදි.

මෙම අවස්ථාව සදහා මේජර් ජෙනරල් නිශ්ශංක රණවන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් හරේන්ද්‍ර පීරීස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, රෙජිමේන්තු මධ්‍යස්ථාන මුලස්ථාන බළඇණියේ කාර්ය මණ්ඩලය, නිලධාරීන් හා සෙසුනිළයින් සහභාගී විය.

රෙජිමේන්තු අධිපති තුමන්ගේ හා එම මැතිණියගේ පුර්ණ අධීක්ෂණය මත ඉදිකරනු ලබන මෙම පිහිණුම් තඨාකය මීටර් 25 ක් දිග මන්තීරු 08 කින් සමන්විත වේ. මෙහි ඉදිකිරීම් කටයුතු Foster and Reed පුද්ගලික සමාගම විසින් සිදුකරනු ලබන අතර, මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මාස 04 කින් නිමකිරීමට නියමිතය.