Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

06th June 2018 21:27:50 Hours

යුද්ධයේදී තුවාල ලැබු කොනොනි වෙත නව නිවසේ යතුර භාරදීම යුද්ධ හමුදාධිපති තුමා අතින් සිදු කෙරිණ

වන්නි මානුෂිය මෙහෙයුමේදී තුවාල ලබා අබාධිත තත්වයට පත් සෙ/470772 කෝප්‍රල් ලක්මාල් ඩබ්ලිව්කේඑස් - 8 ගරෙ කොනොනි හට ගජබා රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වි යුඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ගජබා රෙජිමේන්තුව විසින් අංක 298/බී1 ඒ, කනත්ත පාර, බොරළුගොඩ, අතුරුගිරිය යන ලිපිනයේ ඔහුට අයත් ඉඩමේ නවතමයෙන් ඉදිකරන ලද දෙමහල් නිවසේ යතුර භාරදීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් මහේෂ් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වි යුඑස්පී යුඑස්ඒසීජීඑස්සී ගේ සුරතින් 2018 ජුනි මස 06 වන දින පෙරවරු 0857 යෙදුනු සුභ මොහොතින් සිදුකරන ලදි.

රත්මලාන මැලිබන් බිස්කට් සමාගමෙහි හිටපු ප්‍රධාන විධායක නිලධාරි සහ අනෝඩ්ස් කොකොආ පුද්ගලික සමාගමේ වත්මන් සභාපති ඩී. එල්. වීරසුරිය මැතිදුන් සහ එම මැතිණියගේ රුපියල් ලක්ෂ 27 ක පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද මෙම දෙමහල් නිවසේ ඉදිකිරිම් අධීක්ෂණ කටයුතු හා ශ්‍රමදායකත්වය 12 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව විසින් සිදුකරන ලදි.

පිරිත් සඡ්ඡායනයෙන් අනතුරුව සුභ මොහොතින් පීත්ත පටිය කපා නව දෙමහල් නිවසේ යතුර භාරදුන් යුද්ධ හමුදාධිපති තුමන් නිවසට අවශ්‍ය විදුලි උපකරණද පිරිනමා නිවාස ලාභි කොනොනි, ඔහුගේ බිරිඳ සහ දරුවන් හට සුභ පැතුම් එක් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වි යුඑස්පී එන්ඩීසී පීඑස්සී ල ගජබා රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිණි සුජීවා නෙල්සන් මැතිණිය, නිවස ඉදිකිරිම සදහා ධන පරිත්‍යාගයෙන් කටයුතු කළ ඩී. එල්. වීරසුරිය මැතිදුන් සහ එම මැතිණිය, මේජර් ජෙනරල් කේජේ අල්විස් (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වි යුඑස්පී එන්ඩීයු පීඑස්සී, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, කාර්ය නියුක්ත මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් හරේන්ද්‍ර පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී සහ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශාල ප්‍රමාණයක් මෙම අවස්ථාව සදහා සහභාගි විය.