Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

06th October 2022 10:10:51 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගජබා රෙජිමේන්තු සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් වෙනුවෙන් ඉදිකරන ලද නිවාඩු නිකේතනය විවෘත කරයි

ගජබා රෙජිමේන්තු සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානය සාලියපුර ඉදිකරන ලද නිවාඩු නිකේතනය ගජබා රෙජිමේන්තු සේවා මුක්ත භට සංගමයේ සභාපති ලුතිනන් කර්නල් දීපාල් සුබසිංහ (විශ්‍රාමික) ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති, ගජබා රෙජිමේන්තුවේ අධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා (28) දින විවෘත කරන ලදී.

ගජබා රෙජිමේන්තු සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් සඳහා විවේකීව විනෝදාස්වාදය ලබාගැනීමේ අරමුණින් එම නිවාඩු නිකේතනය ඉදිකරන ලදී.

ගජබා රෙජිමේන්තු සේවා මුක්ත භට සංගමයේ 19 වන වාර්ෂික මහ සභා රැස්වීමට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙම නව නිවාඩු නිකේතනය විවෘත කරන ලද අතර, එහිදී එම භට සංගමයේ සාමාජිකයන්ද අමතන ලදී.

මෙම නිවාඩු නිකේතනය නවීන ගෘහභාණ්ඩ, පහසුකම් සහිත කාමර තුනකින් සහ සාකච්ඡා පැවැත්වීම සඳහා සාකච්ඡා ශාලාවකින්ද සමන්විත වෙයි.

එම උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ, 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සහ කාර්ය මණ්ඩලයද සහභාගි වූහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උත්සව අවස්ථාවට සපැමිණි ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගජබා රෙජිමේන්තු සේවා මුක්ත භට සංගමයේ සභාපති ලුතිනන් කර්නල් දීපාල් සුබසිංහ (විශ්‍රාමික) ඇතුළු සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයන් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සංකේතාත්මකව සමරු ඵලකය නිරාවරණය කර, නවතමයෙන් ඉදි කරන ලද නිවාඩු නිකේතනය ගජබා රෙජිමේන්තු සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් වෙත පවරා දෙන ලදී.

මෙම අවස්ථාවට ගජබා රෙජිමේන්තු සේවා මුක්ත භට සංගමයේ ප්‍රවීණයන් වන මේජර් ජෙනරල් ජගත් ඩයස් (විශ්‍රාමික) සහ මේජර් ජෙනරල් නිශ්ශංක රණවන (විශ්‍රාමික) ද සහභාගී වූහ.