Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

07th February 2022 16:29:59 Hours

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු වෙඩි තැබීමේ තරගාවලියේදී ශුරතාවය දිනාගත් ගජබා විරුවන් සිය නිවහනේදී උපහාර ලබයි.

2021 යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු වෙඩි තැබීම් තරඟාවලියේ ශූරයින් බවට පත් වූ ජයග්‍රාහී කෙටේරිවරුන් පිළිගැනීම සඳහා උපහාර උළෙලක් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ඔවුන් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත පැමිණි අවස්ථාවේදී නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් රජීන්ද්‍ර විජේරත්න ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිත්‍ය කාර්ය මන්ඩලයේ සියළු සාමාජිකයින් විසින් ඔවුන්ව අභිමානවත් අයුරින් පිළිගනු ලැබීය. පසුව ඔවුන් සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගේ අලංකාර පෙරහැරකින් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාරයේ ප්‍රධාන වේදිකාව වෙත කැඳවාගෙන එනු ලැබූ අතර, එහිදී ඔවුන් වෙනුවෙන් උපහාර දැක්වීම සඳහා චාම් එමෙන්ම, අභිමානවත් උත්සවයක් සංවිධානය කර තිබුණි.

උපහාර උත්සවයේ දී නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක විසින් ජයග්‍රාහී කණ්ඩායමට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූස්පී එන්ඩීයූ පීඑස්සී එම්ෆිල් සහ මධ්‍යස්ථාන සේනාවිධායක වෙනුවෙන් සිය සුභාශිංසන පිරිනමන ලදී. ගජබා රෙජිමේන්තුවේ සියලුම නිලධාරීන් සහ සෙබලුන් විසින් ජයග්‍රාහී වීරෝධාර කෙටේරි විරුවන් වෙනුවෙන් සංවිධානය කර තිබූ විශේෂ තේ පැන් සංග්‍රහය නිමාවෙන් පසු ජයග්‍රාහි ගජබා රෙජිමේන්තු වෙඩි කණ්ඩායම් සාමාජිකයින් සහ රෙජිමේන්තු කාර්ය මණ්ඩලය සමඟ සුහද කතාබහකින් අනතුරුව උත්සවය අවසන් විය.