Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

15th October 2023 11:24:35 Hours

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මුයිතායි 2023 තරඟාවලියේ පදක්කම් දාහතරක් ගජබා රෙජිමේන්තු ක්‍රීඩකයෝ දිනා ගනී

2023 සැප්තැම්බර් මස 24, 25, 26 සහ 27 යන දිනයන්හිදී පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති අන්තර් රෙජිමේන්තු මුයිතායි ශූරතාවලිය - 2023 හිදී යුද්ධ හමුදාවට අයත් රෙජිමේන්තු 11 ක තරඟකරුවන් 75 කට අධික සංඛ්‍යාවක් අභිබවා යමින් ගජබා රෙජිමේන්තු ක්‍රීඩකයෝ අනුශූරතාව දිනා ගත්හ.

තරඟාවලිය සඳහා විවිධ බර පන්ති යටතේ කෙටේරියන් ක්‍රීඩකයින් 25 දෙනෙකු සහභාගී වූ අතර, තරඟාවලියේදී ඔවුන් විසින් කැපී පෙනෙන දස්කම් දක්වමින් රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගැනීමට සමත්වන ලදි.

රන් පදක්කම් ලබා ගත් ක්‍රීඩකයින්:

සෙ/490004 පාසෙ බණ්ඩාර ආර්එම්ඩීඑස් (22 ගරෙ) - කි.ග්‍රෑම් 45 බර පන්තිය

සෙ/484859 ලා/කෝ බණ්ඩාර එල්එම්පීඅයි (1 ගරෙ) - කි.ග්‍රෑම් 57 බර පන්තිය

සෙ/488940 පාසෙ අමරසිරි එස්එම්එල්එච් (10 ගරෙ) - කි.ග්‍රෑම් 63 බර පන්තිය

සෙ/486346 ලා/කෝ දවුන්ද්‍රසේකර ඩීඑම්එන්එස් (20 ගරෙ) - කි.ග්‍රෑම් 67 බර පන්තිය

සෙ/479009 කෝප්‍රල් හේරත් එච්එම්එච්ඊබී (16 ගරෙ) - කි.ග්‍රෑම් 81 බර පන්තිය

රිදී පදක්කම් ලබා ගත් ක්‍රීඩකයින්:

සෙ/486305 ලා/කෝ බාලසූරිය එස්එම්ඒඩීඑම් (1 ගරෙ) - කි.ග්‍රෑම් 45 බර පන්තිය

සෙ/486745 ලා/කෝ උපවන්ස ටීඩීඩී (1 ගරෙ) - කි.ග්‍රෑම් 60 බර පන්තිය

සෙ/486925 ලා/කෝ අබේසිංහ ඒපී (23 ගරෙ) - කි.ග්‍රෑම් 71 බර පන්තිය

සෙ/ජි102224 පාසෙ කුමාර ජේඑම්අයිපිපි (11 (ස්වේ) ගරෙ) - කි.ග්‍රෑම් 75 බර පන්තිය

සෙ/486656 ලා/කෝ දිල්ශාන් එච්එම්ජීඑස් ( 1 ගරෙ) - කි.ග්‍රෑම් 91 බර පන්තිය

ලෝකඩ පදක්කම් ලබා ගත් ක්‍රීඩකයින්:

සෙ/486217 ලා/කෝ රත්නායක ආර්එම්ඒඑච් (4 ගරෙ) - කි.ග්‍රෑම් 45 බර පන්තිය

සෙ/486641 ලා/කෝ අත්තනායක ඒඩීඑම්එස් (1 ගරෙ) - කි.ග්‍රෑම් 48 බර පන්තිය

සෙ/ජී102859 පාසෙ රුද්‍රිගෝ කේඑම්යු ( 11(ස්වේ) ගරෙ) - කි.ග්‍රෑම් 60 බර පන්තිය

සෙ/485029 ලා/කෝ රණසිංහ ඩබ්ලිව්පීඑස්කේ (1 ගරෙ) - කි.ග්‍රෑම් 91 බර පන්තිය