Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

17th January 2024 18:51:09 Hours

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු තූර්ය වාදක තරගාවලියේදී ශුරතාවය දිනාගත් ගජබා විරුවන් සිය නිවහනේදී උපහාර ලබයි.

2023 වසරේ වර්ණවත්ම සංදර්ශනයක් ලෙස සැලකෙන යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු තූර්ය වාදක තරඟාවලියේ ශූරයින් බවට පත් වූ ජයග්‍රාහී කෙටේරිවරුන් පිළිගැනීම සඳහා උපහාර උළෙලක් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ඔවුන් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත පැමිණි අවස්ථාවේදී මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අරුණ විජේකෝන් යූඑස්පී එන්ඩීසී ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිත්‍ය කාර්ය මන්ඩලයේ සියළු සාමාජිකයින් විසින් ඔවුන්ව අභිමානවත් අයුරින් පිළිගනු ලැබීය.

පසුව ඔවුන් සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගේ අලංකාර පෙරහැරකින් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාරයේ ප්‍රධාන වේදිකාව වෙත කැඳවාගෙන එනු ලැබූ අතර, එහිදී ඔවුන් වෙනුවෙන් උපහාර උලෙලක් සංවිධානය කර තිබුණි.

උපහාර උත්සවයේ දී මධ්‍යස්ථාන සේනාවිධායක විසින් ජයග්‍රාහී කණ්ඩායමට යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙනුවෙන් සිය සුභාශිංසන පිරිනමන ලදී. ගජබා රෙජිමේන්තුවේ සියලුම නිලධාරීන් සහ සෙබලුන් විසින් ජයග්‍රාහී වීරෝධාර කෙටේරි විරුවන් වෙනුවෙන් සංවිධානය කර තිබූ විශේෂ තේ පැන් සංග්‍රහය නිමාවෙන් පසු ජයග්‍රාහි ගජබා රෙජිමේන්තු තූර්ය වාදක කණ්ඩායම් සාමාජිකයින් සහ රෙජිමේන්තු කාර්ය මණ්ඩලය සමඟ සුහද කතාබහකින් අනතුරුව උත්සවය අවසන් විය.