Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

14th October 2023 11:15:40 Hours

යුද හමුදා අන්තර් රෙජිමේන්තු ජූඩෝ ශූරතාවලිය 2023 තරඟාවලියේදී ගජබා රෙජිමේන්තු ජූඩෝ කණ්ඩායම පදක්කම් දහයක් දිනා ගනී

යුද්ධ හමුදා ජූඩෝ සංගමය විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ජූඩෝ ශූරතාවලිය 2023 සැප්තැම්බර් 11 දින සිට 14 දින දක්වා පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු අතර මෙම තරඟාවලියේදී ගජබා ජූඩෝ කණ්ඩායම සිය හැකියාවන් මනාව පිළිබිඹු කරමින් අනුශූරතාව දිනාගැනීමට සමත්වන ලදි.

මෙම තරඟාවලිය සඳහා විවිධ බර පන්ති යටතේ ක්‍රීඩකයින් 202 ක් සහභාගී වූ අතර, ගජබා රෙජිමේන්තුව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 22 ක් සහභාගී විය. මෙම තරඟාවලියේදී කෙටේරි ක්‍රීඩකයින් රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 06 ක් දිනා ගැනීමට සමත් වන ලදි.

රන් පදක්කම් ලබා ගත් ක්‍රීඩකයින්:

සෙ/480028 ලා/කෝ ලක්මාල් කේජිඑන්ඒ - කි.ග්‍රෑම් 45 බර පන්තිය (6 ගරෙ)

සෙ/491223 පාසෙ ජයසුන්දර බීජීසීඑල් - කි.ග්‍රෑම් 45 බර පන්තිය (10 ගරෙ)

රිදී පදක්කම් ලබා ගත් ක්‍රීඩකයින්:

සෙ/491222 පාසෙ මාරසිංහ එම්එම්කේඅයි (10 ගරෙ) - කි.ග්‍රෑම් 60 බර පන්තිය

සෙ/485635 ලා/කෝ රන්දිම එච්බීඑම් (10 ගරෙ) - කි.ග්‍රෑම් 100 බර පන්තියට වැඩි

ලෝකඩ පදක්කම් ලබා ගත් ක්‍රීඩකයින්:

සෙ/ජී100980 ලා/කෝ දිසානායක එස්එල්පී ( 5(ස්වේ)ගරෙ ) - කි.ග්‍රෑම් 55 බර පන්තිය

සෙ/ජී102443 ලා/කෝ පතිරණ බීඑම්එන්එස් ( 2(ස්වේ)ගරෙ ) - කි.ග්‍රෑම් 60 බර පන්තිය

සෙ/483999 ලා/කෝ බණ්ඩාර ඩබ්ලිව්ජීජී (10 ගරෙ) - කි.ග්‍රෑම් 66 බර පන්තිය

සෙ/476476 කෝප්‍රල් විජේවර්ධන එච්කේඑස්එල් (10 ගරෙ) - කි.ග්‍රෑම් 73 බර පන්තිය

සෙ/485720 ලා/කෝ දිසානායක ඩීඑම්එස්ආර් (3 ගරෙ) - කි.ග්‍රෑම් 100 බර පන්තිය

සෙ/479314 ලා/කෝ ලියනගේ ඒඑස්කේඒ (23 ගරෙ) - විවෘත බර පන්තිය