?

Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

19th July 2025 14:41:22 Hours

මේජර් ජෙනරාල් සංජීව වනසේකර ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි හට ගජබා නිවහනේදී සමුගැනීමේ ගෞරව ආචාර පිරිනමන ලදී.

මේජර් ජෙනරාල් සංජීව වනසේකර ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජෙඨෂ්ඨ නිලධාරිගේ වසර 34 කට අධික කීර්තිමත් හමුදා දිවියේ සමාප්තිය සනිටුහන් කරමින් 2025 ජූලි 11 වන දින ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් විචිත්‍රවත් සමුගැනීමේ පෙළපාළියක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.

චාරිත්‍රානුකූල කඳවුරු සම්මාන මුරයක් සමඟින් උත්සවය ආරම්භ වූ අතර, ඉන් අනතුරුව ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සෙන්පතිදුන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. පසුව ගජබා රෙජිමේන්තුවට මෙන්ම සමස්ථ දේශය වෙනුවෙන් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදුකරන ලද අද්විතීය සේවය අගයමින් රෙජිමේන්තු සරඹ භූමියේදී වර්ණවත් පෙළපාලියකින් ගෞරවය පිරිනමන ලදී. ඉන් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමූහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් පසු සියලු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී.

එදින සන්ධ්‍යාවේ ගජබා රෙජිමේන්තුවේ නිලධාරී නිවස්නයේදී සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි. මෙම ගෞරවනීය උත්සව අවස්ථාවට සහභාගී වන ලද සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් මේජර් ජෙනරාල් සංජීව වනසේකරගේ නායකත්වය, සේවය සහ කැපවීම් වෙනුවෙන් කෘතඥතාව පළ කරන ලදි.