Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

06th October 2023 09:05:36 Hours

මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ දිනේෂ් උඩුගම ජ්යෙ ෂ්ඨ නිලධාරිට ගජබා රෙජිමේන්තු මධ්යදස්ථානයේදී උපහාර උළෙලක් පවත්වයි.

යුද්ධ හමුදාධිපති, ගජබා රෙජිමේන්තුවේ සහ ශ්රීළ ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ගේ උපදෙස් පරිදි, මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ ගජබා රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් දිනේෂ් උඩුගම ආර්එස්පී යුඑස්පී එන්ඩීයු පීඑස්සී ජ්යෙනෂ්ඨ නිලධාරි වෙත සම්ප්රෙදානුකූලව උපහාර දැක්වීමේ උළෙලක් ගජබා රෙජිමේන්තු මධ්යීස්ථානයේදී පවත්වන ලදි.

මේජර් ජෙනරාල් දිනේෂ් උඩුගම ජ්යොෂ්ඨ නිලධාරි රෙජිමේන්තු මධ්යමස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී නියෝජ්යජ මධ්ය්ස්ථාන සේනාවිධායක කර්නල් රොෂාන් කළුපහන ආර්එස්පී යුඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර, පසුව එතුමන් වෙත අභිමානවත් කඳවුරු මුරයක් ද පිරිනමන ලදි.

ඉන් අනතුරුව එතුමන් විසින් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ජ්යෙරෂ්ඨ නිලධාරී තුමන්ගේ පිළිරුව අභියස මල් කළඹක් තබා පුෂ්පෝපහාර දැක්වීම සිදුකරන ලදි. පසුව මධ්යජස්ථාන සේනාවිධායක බ්රිරගේඩියර් විශ්වජිත් විද්යාවනන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විසින් එතුමන්ව ගෞරවාන්විතව පිළිගැනීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තු මධ්ය‍ස්ථාන සරඹ භුමියේදී මෙම ජ්යෙදෂ්ඨ නිලධාරී වෙත සම්මාන මුරයක්ද පවත්වන ලදි. අනතුරුව රෙජිමේන්තු මන්ත්රජණ සභාව නියෝජනය කරනු ලබන ජ්යොෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකු, මධ්යදස්ථාන සේනාවිධායක, නියෝජ්ය් මධ්යජස්ථාන සේනාවිධායක, ජ්යෙතෂ්ඨ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටින ලදි.

මෙම අවස්ථාවෙන් පසුව සියලු නිළයන්ගේ සහභාගීත්වයෙන් සෙසුනිල භෝජනාගාරයේදී මෙම ජ්යේෂ්ඨ නිලධාරි වෙනුවෙන් තේ පැන් සංග්රීහයක් ද පවත්වන ලද අතර, එහිදී එතුමන් විසින් කෙටේරි පවුලේ නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟ සුහද කතාබහක නිරත වන ලදි. එම අවස්ථාවට සහභාගී වු පිරිස අමතමින් එතුමන් වෙනුවෙන් මෙවැනි අලංකාරවත් උපහාර උළෙලක් සංවිධානය කිරීම පිළිබඳව රෙජිමේන්තු අධිපති තුමන් ඇතුළු සියලුම නිළයින් වෙත සිය කෘතඥතාව පළ කළකර සිටින ලදි.

රෙජිමේන්තු මන්ත්රාණ සභාව නියෝජනය කරනු ලබන ජ්යෙ ෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකු, මධ්යුස්ථාන සේනාවිධායක, නියෝජ්ය මධ්යෙස්ථාන සේනාවිධායක, ජ්යෙනෂ්ඨ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසු නිලයින් කිහිප දෙනෙකු මෙම අවස්ථාව සහභාගී වන ලදි.