?

Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

28th June 2025 13:00:12 Hours

මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ගෞරවනීය සමුගැනීමේ ආචාරය පිරිනමන ලදී.

ශ්‍රීලංකා යුද හමුදාවේ 66 වන මාණ්ඩලික ප්‍රධානී සහ ගජබා රෙජිමේන්තුවේ 14 වන රෙජිමේන්තු අධිපති වශයෙන් තනතුරු දරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 36 කට අධික කැපවූ කීර්තිමත් හමුදා ජීවිතයක අවසානය සනිටුහන් කරනු ලබන මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ගෞරවනීය උපහාරය දැක්වීම සඳහා 2025 ජුනි 25 වන දින ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් විචිත්‍රවත් සමුගැනීමේ පෙළපාළියක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම යාමට පෙර දින ගජබා නිවහනේදී චාරිත්‍රානුකූල සමුගැනීමේ ආචාරය පිළින්නා ලදි.

රෙජිමේන්තු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව, නික්ම යන රෙජිමේන්තු අධිපති තුමන් ගෞරවනීය ලෙස සාම්ප්‍රදායික කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් පිළිගන්නා ලදි. අනතුරුව, ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි සෙන්පතිදුන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු යුධ හමුදා සම්ප්‍රදායානුකූලව විචිත්‍රවත් සම්මාන පෙළපාලියක් මගින් රෙජිමේන්තුවේ ගෞරවය පුදන ලදී. සමඟියේ ශක්තිය සහ මිත්‍රත්වය මතින් මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමූහ ඡායාරූපයක්, සංකේතාත්මක පැළයක් රෝපණය කිරීමෙන් පසු පැවැත්වු සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගි වන ලදී.

එදින සන්ධ්‍යාවේ ගජබා රෙජිමේන්තුවේ නිලධාරී නිවස්නයේදී විචිත්‍රවත් සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි. මෙම ගෞරවනීය උත්සවය නිලධාරීන්ට මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ නායකත්වය, සේවය සහ ජයග්‍රහණ ගෞරවයෙන් සැමරීමටත් කෘතඥතාව පළ කිරීමට අවස්ථාවක් ලබා දුන්නේය.