Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

15th May 2023 20:52:19 Hours

මූලස්ථාන බළඇණිය - ගජබා රෙජිමේන්තුවහි නව උපයෝගිතා සංකීර්ණයේ විවිධ හැකියාවන් ඇති රණවිරුවන්ගේ අවශ්‍යතා සඳහා පහසු ප්‍රවේශයක් ලබා දෙයි

සුභසාධන පහසුකම් සහ ආබාධිත සෙබළුන් විසින් සාදන ලද කැටයම් අලෙවි කිරීම තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මූලස්ථාන බළඇණිය - ගජබා රෙජිමේන්තුවහි අණදෙන නිලධාරී මේජර් ලලිත් රත්නායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් කඳවුරු පරිශ්‍රයේ සුපිරි වෙළඳපොල සහ කැෆේ වලින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පියවර ගන්නා ලදී.

2023 අප්‍රේල් 06 වන දින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අණදෙන නිලධාරීතුමාගේ ප්‍රධානත්වයෙන් නව පහසුකම් සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත කරන ලදි. එම කඳවුරේ භට පිරිස් විසින් මෙම උපයෝගිතා සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට සිය ශ්‍රමදායකත්වය දැක්වු අතර, දෙවන අණදෙන නිලධාරී මේජර් ශාන්ත හේරත් ආර්එස්පි යුඑස්පිගේ සහභාගීත්වයෙන් එහි අධීක්ෂණ කටයුතු සිදු විය.

මූලස්ථාන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ කඳවුරු පරිශ්‍රයේ ඇති මෙම නව පහසුකම් සංකීර්ණය සෙබලුන්ගේ දිගුකාලීන අවශ්‍යතාවයක් වූ අතර එය කදවුරේ සියලුම නිළයින්ගේ උත්සාහයේ හා කැපවීමේ ප්‍රතිඵලයකි.