Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

31st July 2023 12:07:54 Hours

මුලස්ථාන බළඇණියේ භට පිරිස් විසින් අණදෙන නිලධාරි තුමන්ට සමු දෙයි

මුලස්ථාන බළඇණිය ගජබා රෙජිමේන්තුවෙහි අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී කල මේජර් ලලිත් රත්නායක ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සිය තනතුරින් නික්ම යාම නිමිත්තෙන් 2023 ජුනි මස 20 වැනි දින රෙජිමුබගරෙ කඳවුරු පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව විධිමත් උත්සවයක් සංවිධානය කර තිබිණි.

ඒකකයේ දෙවන අණදෙන නිළධාරීන් විසින් නික්ම යන අණදෙන නිළධාරි තුමන්ව ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලද අතර, අභිනවයෙන් ඉදිකරන ලද ප්‍රධාන පිවිසුම් දොරටුවෙහි විවෘත කිරීමේ ඵලකය නිරාවරණය කිරීමද එතුමන් විසින් සිදුකරන ලදි. අනතුරුව, එතුමන් වෙනුවෙන් කඳවුරු මුරයකින් හා වර්ණවත් වු සම්මාන මුරයකින් ද ඔහුට ආචාරය පුද කරන ලදී. පසුව එතුමන් විසින් බලඇණි පෙළපාළි භුමියේදී ඒකක භට පිරිස් අමතා විධිමත් දේශනයක්ද සිදුකල අතර, ඒකකයේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කරන කාලය තුළ තමාට ලබාදුන් නොමසුරු සහය සහ සහයෝගය වෙනුවෙන් බලඇණියේ සියලුම සාමාජිකයින්ට සිය ස්තූතිය පුදකර සිටියේය.

අනතුරුව, ඒකක රෙජිමේන්තු සැරයන් මේජර් නිල නිවස විවෘත කිරීමේ සමරු ඵලකය නිරාවරණය කිරීමද එතුමන් විසින් සිදුකරනු ලැබීමෙන් පසු සිය රාජකාරී නව අණදෙන නිලධාරී හට භාරදීමේ කටයුතු සිදුකරන ලදි.

ඉන් පසුව, සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වෙමින් භට පිරිස් සමඟ සුහද කතාබහක නිරතවීමෙන් පසු බළඇණියේ කාර්යාල කාර්ය මණ්ඩලය සමඟ සමුහ ඡායාරූප කිහිපයකට පෙනී සිටින ලදි.

එදින රාත්‍රි නික්ම යන අණදෙන නිලධාරි තුමන් වෙනුවෙන් නිලධාරි නිවස්නයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පවත්වා ගෞරවය පුදකිරීමෙන් අනතුරුව එතුමන් පිටත්ව යාමට පෙර අමුත්තන්ගේ පොතේ ප්‍රශංසා සටහන් කිහිපයක් තැබුවේය.