Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

31st July 2023 12:14:09 Hours

මුලස්ථාන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරි රාජකාරි ආරම්භ කරයි.

මුලස්ථාන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ 19 වන අණදෙන නිලධාරි වශයෙන් ලුතිනන් කර්නල් නන්දන කුමාර ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ජුනි මස 22 වන දින ආගමික වතාවත් වලින් අනතුරුව යෙදුනු සුබ මොහොතින් සේනපුර පිහිටි මුලස්ථාන බළඇණිය ගජබා රෙජිමේන්තු මුලස්ථානයේදී අභිනවයෙන් සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

දෙවන අණදෙන නිළධාරී විසින් කඳවුර වෙත පැමිණි නව අණදෙන නිළධාරි තුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙනුවෙන් අභිමානවත් කඳවුරු මුරයක් හා සම්මාන මුරයක් පිළිගන්වන ලදි.

ඉන් අනතුරුව එතුමන් විසින් ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් අණදෙන නිලධාරි ලෙස වැඩ භාරගැනීමෙන් පසු කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරමින් සිය මතකයන් මුලස්ථාන බළඇණිය ගජබා රෙජිමේන්තුව වෙත එක් කළේය.

තවද, එතුමන් විසින් ඒකකයේ භට පිරිස් අමතමින් සියළුම නිලයන් හට විනය සහ ඔවුන්ගේ පෞද්ගලික සහ යුධ දිවියේ සාර්ථකත්වයට පත්වන ආකාරය පිළිබඳව උපදෙස් ලබා දුන් අතර, පසුව සෙසු නිළ භෝජනාගාරයේදී පැවති සියලු නිළ තේ පැන් සංග්‍රහයට සහභාගී වෙමින් භට පිරිස් සමග සුහද කතාබහක නියැලෙන ලදි.

නව අණදෙන නිලධාරිගේ පත්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපති හා රෙජිමේන්තු අධිපතිතුමන්, රෙජිමේන්තු මන්ත්‍රණ සභාව නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරින් සිය සුභාශිංසන එක්කර තිබිණි.