Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

31st August 2023 09:11:46 Hours

මාස්ටර් මයින්ඩ් (Master Mind) ප්‍රශ්න විචාරාත්මක තරඟයේ ශුරතාවය කෙටේරියන් පවුලට

Association of Retired Flag Rank Officers (ARFRO) විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව අතර පැවැත්වෙන කීර්තිමත් ඉසව්වක් වන මාස්ටර් මයින්ඩ් (Master Mind) ප්‍රශ්න විචාරාත්මක තරඟය පසුගියදා අවසන් විය. බුද්ධිය, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ සුහදත්වය මෙන්ම ත්‍රාසජනක දැනුම සහ උපායමාර්ගික චින්තනය පිළිබඳව ඇති දක්ෂතාවයන් එළිදැක්වීම අරමුණු කර ගනිමින් පවත්වනු ලබන මෙම තරඟයේදී මේජර් සෙනරත් කොබ්බෑකඩුව පීඑස්සී, මේජර් එරේෂ් මෛත්‍රීපාල සහ මේජර් මේසිත පන්නලගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නියෝජනය කල ගජබා රෙජිමේන්තු කණ්ඩායම විශිෂ්ට ලෙස තම හැකියාවන් ප්‍රදර්ශනය කරමින් තරඟයේ ශූරතාව දිනාගැනීමට සමත්වන ලදි. ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ කණ්ඩායම හා ශ්‍රී ලංකා සංඥා බලකා කණ්ඩායම පිළිවෙළින් දෙවැනි හා තෙවැනි ස්ථානය දිනා ගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්බී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු පීඑස්සී එම්පීඑල් සහභාගි වු අතර, එතුමන්ගේ පැමිණීම යුද්ධ හමුදා සාමාජිකයින් අතර, තරඟයේ වැදගත්කම සහ බුද්ධි වර්ධනය ඇගයීමට ලක් කිරීම පිළිබඳ සාක්ෂියක් ලෙස සඳහන් කල යුතුය.

ජයග්‍රාහී ගජබා රෙජිමේන්තු කණ්ඩායමට කෙටේරියන්ස් පවුලේ සියලු දෙනාගේ උණුසුම් සුභ පැතුම්.....