Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

06th June 2022 11:52:46 Hours

මධ්‍යස්ථාන සේනාවිධායක ධුරයෙන් නික්ම ගිය ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් වෙත උත්සවයක් පවත්වා ගෞරවාචාරය පුද කරන ලදී.

ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 24 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස රාජකාරි කරනු ලැබු බ්‍රිගේඩියර් එම්ඩබ්ලිව්එස් මිල්ලගල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් 2022 මැයි මස 21 වැනි දින සිය ධූරයට සමුදෙන ලදී.

ඒ වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී අභිමානවත් සමුදීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අතර, එහිදී රජය හා සෞඛ්‍ය අංශ බලධාරීන් විසින් නිකුත් කරන ලද නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව හා හමුදා විධිවිධානයන්ට අනුව මෙම උත්සවය පවත්වන ලදී. උත්සවයේ පළමු කොටස ලෙස මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් යුද්ධයේදී මියගිය විරුවන් සිහිකිරීම පිණිස ඉදි කර ඇති රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා සිය ආචාරය පුද කරන ලදී. පසුව ගජබා රෙජිමේන්තු ප්‍රධාන පිවිසුමේදී කඳවුරු මුරයක් පවත්වා එතුමන්ව පිලිගන්නා ලදී. අනතුරුව දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන්ගේ පිළිරුව වෙත මල් කලඹක් තබා පුෂ්පෝපහාර දක්වනු ලැබීය.

පසුව, සේනාවිධායකතුමන් සරඹ භූමියට පැමිණි අතර, එහිදී ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් වර්ණවත් හා අලංකාරවත් සම්මාන පෙළපාලියක් පවත්වා රෙජිමේන්තුවේ ගෞරවය එතුමන් වෙත පුද කරන ලදී.

එහිදී නික්ම යන මධ්‍යස්ථාන සේනාවිධායකවරයා සියලූ නිලයින් ආමන්ත්‍රණය කරනු ලැබූ අතර, මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස තමාට පැවරී තිබූ කාර්යයන් සහ වගකීම් ඉටුකිරීම සඳහා ලබාදුන් මගපෙන්වීම සහ උපදෙස් සම්බන්ධයෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති හා රෙජිමේන්තු අධිපති තුමන් වූ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් වෙත සිය අවංක කෘතඥතාව පල කරන ලදී. එහිදී එතුමන් වැඩි දුරටත් කථා කරමින් පවසා සිටියේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කල කාලය තුළ තමා වෙත ලබාදුන් සහයෝගය පිළිබඳව නිලධාරීන්ට සහ සෙසු නිලයින් සියළු දෙනා හට සිය කෘතඥතාව පළ කරන බවය. පසුව පෙලපාලියේ වැඩ කටයුතු නිමාවූ අතර, අනතුරුව ඔහු රෙජිමේන්තු මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටින ලදී. පසුව සිය රාජකාරී කාලසීමාව පිළිබඳව සිහිවටනයක් ලෙස රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නා පැළයක් රෝපණය කිරීමේ අවස්ථාවටද එක්විය. අනතුරුව සෙසුනිළ භෝජනාගාරයෙහි පැවති සියලුම නිල තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව මෙම උත්සවය අවසන් කරන ලද අතර, නික්ම යන මධ්‍යස්ථාන සේනාවිධායක තුමා විසින් මෙම අවස්ථාවට පැමිණ සිටි සියලු දෙනා සමඟ සුහද කතාබහකද නිරත විය.

මෙම අවස්ථාවට රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළලු සියලුම නිලධාරින්, ඒකක අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සියළුම සෙසුනිලයින් විසින් නික්ම යන සේනාවිධායක තුමන් වෙත සිය ධූර කාලය තුළදී ගජබා නිවහනේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉටුකල ගෞරවනීය හා ප්‍රශංසාත්මක සේවය වෙනුවෙන් සිය හෘදයාංගම කෘතඥතාව පළ කර සිටියහ.