Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

17th January 2024 18:42:08 Hours

මධ්‍යස්ථාන සේනාවිධායක ධුරයෙන් නික්ම ගිය ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් වෙත උත්සවයක් පවත්වා ගෞරවාචාරය පුද කරන ලදී.

ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 25 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස රාජකාරි කරනු ලැබු බ්‍රිගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් 2023 නොවැම්බර් මස 30 වැනි දින සිය ධූරයට සමුදෙන ලදී.

ඒ වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සංවිධානය කර තිබූ අභිමානවත් සමුදීමේ උත්සවයේ පළමු කොටස ලෙස ගජබා රෙජිමේන්තු ප්‍රධාන පිවිසුමේදී කඳවුරු මුරයක් පවත්වා එතුමන්ව පිලිගැනීමෙන් අනතුරුව දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන්ගේ පිළිරුව වෙත මල් කලඹක් තබා පුෂ්පෝපහාර දක්වන ලදි.

පසුව, සේනාවිධායකතුමන් සරඹ භූමියට පැමිණි අතර, එහිදී ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් වර්ණවත් හා අලංකාරවත් සම්මාන පෙළපාලියක් පවත්වා රෙජිමේන්තුවේ ගෞරවය එතුමන් වෙත පුද කරන ලදී.

එහිදී නික්ම යන මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් එම අවස්ථාවට සහභාගීවී සිටි අයවළුන් අමතා මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කල කාලය තුළ තමා වෙත ලබාදුන් සහයෝගය පිළිබඳව නිලධාරීන්ට සහ සෙසු නිලයින් සියළු දෙනා හට සිය කෘතඥතාව පළකරන ලදි. පසුව පෙලපාලියේ වැඩ කටයුතු නිමාවූ පසු, රෙජිමේන්තු මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටින ලදී. උත්සවයේ අවසන් අංගය වන සෙසුනිළ භෝජනාගාරයෙහි පැවති සියලුම නිල තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව නික්ම යන මධ්‍යස්ථාන සේනාවිධායක තුමා විසින් මෙම අවස්ථාවට පැමිණ සිටි සියලු දෙනා සමඟ සුහද කතාබහකද නිරත වීමෙන් පසු මෙම උත්සවය අවසන් කරන ලදී.

මෙම අවස්ථාවේදී රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලු සියලුම නිලධාරින්, ඒකක අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සියළුම සෙසුනිලයින් විසින් නික්ම යන සේනාවිධායක තුමන් වෙත සිය ධූර කාලය තුළදී ගජබා නිවහනේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉටුකල ගෞරවනීය හා ප්‍රශංසාත්මක සේවය වෙනුවෙන් සිය හෘදයාංගම කෘතඥතාව පළකරන ලදි.