Skip to main content
Header Sinhala
ගජබා රෙජිමේන්තුව
සමගිය ශක්තියයි
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
පත්වීම්
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායක
රෙජිමේන්තු විධායක අධිකාරි
රෙජිමේන්තු සැරයන් මේජර්
ඉතිහාසය
ගජබා රෙජිමේන්තුවේ ආරම්භකයා
ගජබා රෙජිමේන්තු ඉතිහාසය
හිටපු රෙජිමේන්තු අධිපතිවරුන්
හිටපු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායකවරුන්
හිටපු ස්වේච්ඡා සම්බන්ධීකරණ නිලධාරීන්
හිටපු රෙජිමේන්තු විධායක අධිකාරිවරුන්
හිටපු රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්
සංවිධානය
රෙජිමේන්තු මධ්‍යස්ථානය
නිත්‍ය බලගණ
ස්වේච්ඡා බලගණ
සඟරාව
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථානය
15th March 2025 11:05:45 Hours
බ්‍රිගේඩියර් ආර් එම් ජේ බී රත්නායක ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙනුවෙන් ගජබා නිවහනේදී වර්ණවත් සමුගැනීමේ උත්සවයක් පවත්වන ලදි.
වසර 36 කට අධික කාලයක් පුරා දිවෙන ඔහුගේ කීර්තිමත් හමුදා දිවියේ සමාප්තිය සනිටුහන් කරමින්, බ්‍රිගේඩියර් ජනක රත්නායකට ජ්‍යෙෂ්ඨ නිලධාරි හට ගෞරව දැක්වීම සඳහා 2025 පෙබරවාරි 21 වන දින ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් විචිත්‍රවත් සමුගැනීමේ පෙළපාළියක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.
චාරිත්‍රානුකූලව කඳවුරු සම්මාන මුරයක් සමඟින් උත්සවය ආරම්භ වූ අතර, ඉන් අනතුරුව ගජබා රෙජිමේන්තුවේ නිරමාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි සෙන්පතිදුන් ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. විශ්‍රාම යන කෙටේරියන් ප්‍රවීණයා වෙත ගජබා රෙජිමේන්තුව වෙනුවෙන් ඔහු කළ කැපකිරීම් සහ විශිෂ්ඨ සේවය අගයමින් රෙජිමේන්තු පෙළපාළි භූමියේදී වර්ණවත් පෙළපාලියකින් ගෞරවය පුද කරන ලදී. අනතුරුව, කොනොනි සමාජ ශාලාවේදී සියලු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වන ලද අතර, එහිදී පැමිණ සිටි අය සමඟ උණුසුම් හා මිත්‍රශීලී සංවාදයක නිරත විය.
අනතුරුව, බ්‍රිගේඩියර් ජනක රත්නායක සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් හට රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියුප්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි කාර්යාලයට ආරාධනා කරන ලදී. එහිදි, මේජර් ජෙනරාල් වික්‍රමසිංහ විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිට ත්රස්තවාදයට එරෙහි යුද්ධයේදී සහ පශ්චාත් යුධ සමයේදී විවිධ අභියෝගාත්මක භූමිකාවන්හි ඔහුගේ නොසැලෙන කැපවීම සහ ආදර්ශමත් සේවය වෙනුවෙන් ප්‍රශංසා කළේය. බ්‍රිගේඩියර් රත්නායකගේ පවුලේ අය ඔහුගේ වෘත්තීය ජීවිතය පුරාවට ලබා දුන් අමිල සහයෝගය ද ඔහු අගය කළේය.
සමුගැනීමේ උත්සවය නිලධාරී භෝජනාගාරයේ පැවති අතිවිශිෂ්ට සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයකින් අවසන් විය. ගජබා සේවා වනිතා ශාඛාවේ විධායක සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහ ඔවුන්ගේ බිරින්දෑ වරුන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ විශිෂ්ඨ සේවයට උපහාර දැක්වීය.