Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

11th October 2024 22:52:31 Hours

ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය ගජබා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය ලෙස රාජකාරි භාරගැනීම උත්සවාකාරයෙන් සිදුකරන ලදි.

ගජබා සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති සාම්ප්‍රදායික උත්සවයක් සමගින් ගජබා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය නිල වශයෙන් රාජකාරි භාර ගත්තාය.

සිය ධුරයේ රාජකාරි භාරගැනීමෙන් පසු ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය මීට පෙර පැවති සේවා වනිතා වැඩසටහන් වලදී ලබාදුන් සහයෝගය වෙනුවෙන් රෙජිමේන්තු කාර්ය මණ්ඩලයට සහ සේවා වනිතා සාමාජිකයින්ට සිය බලවත් කෘතඥතාව පළ කළාය. තවදුරටත් සේවාවනිතා සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධනය සහතික කිරීම සඳහා සුදුසු සුබසාධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට ඇය ප්‍රතිඥා දුන්නාය.

අතරතුර කාලයේ දී එතුමිය සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අතර එහිදී ඉදිරි සේවා වනිතා වැඩසටහන් සහ එම වැඩසටහන් සාර්ථකව පැවැත්වීම සඳහා සූදානම් වීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.