Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

12th November 2023 20:21:51 Hours

ප්‍රවීණ කෙටේරිවරුන් තිදෙනෙකු විශ්‍රාම යාම නිමිත්තෙන් ගජබා නිවහනේදී උපහාර දක්වයි

ගජබා රෙජිමේන්තුවේ සාඩම්බර සාමාජිකයින් වු හිටපු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් චම්පක රණසිංහ (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, 121 වන බළසේනාවේ හිටපු බළසේනාධිපති බ්‍රිගේඩියර් ජනක උඩෝවිට (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී හා කළමණාකරන හා නඩත්තු අධ්‍යක්ෂක මණ්ඩලය - යුධ හමුදා රෝහල කොළඹ හි හිටපු අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ජනක විතානාච්චි (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශ්‍රාම යාම නිමිත්තෙන් වර්ණවත් වු උත්සව මාලාවක් 2023 නොවැම්බර් මස 03 වන දින ගජබා නිවහනේදී පවත්වන ලදි.

මෙම ජ්‍යෙෂ්ඨයින් තිදෙනා වෙනුවෙන් කඳවුරු මුරයක් පිළිගැන්වීමෙන් පසු චාරිත්‍රානුකූලව ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ මේජර් ජෙනරාල් විජය විමලරත්න සෙන්පතිඳුන්ගේ පිළිරුව අභියසදී ඔවුන් විසින් පුෂ්පෝපහාර දැක්වීම සිදුකරනු ලැබු අතර, ඉන් පසුව මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනා මට උපහාර දැක්වීම සඳහා ව ර්වණවත්වු සම්මාන පෙළපාලියක් පවත්වන ලදි. යුද්ධ හමුදාධිපති, ගජබා රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ගේ මගපෙන්වීම හා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ගේ පුර් ණ අධීක්ෂණය මත මෙම උත්සවය ඉතා විචිත්‍රවත් අයුරින් සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභා සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිළධාරීන්, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගී වුහ.