Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

31st July 2023 14:59:22 Hours

ප්‍රවීණ කෙටේරිවරුන් තිදෙනෙකු විශ්‍රාම යාම නිමිත්තෙන් ගජබා නිවහනේදී උපහාර දක්වයි.

ගජබා රෙජිමේන්තුවේ අභිමානවත් සාමාජිකයින් වු මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ හිටපු ආඥාපති මේජර් ජෙනරාල් මොහාන් රත්නායක (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු, යුධ හමුදා තූර්ය වාදක හා රංග කලාඅම හිටපු අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් තුසිත හෙට්ටිආරච්චි (විශ්‍රාමික) ආර්එස්පී, 111 වන පාබල බලසේනාවේ හිටපු බළසේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශ්‍රාම යාම නිමිත්තෙන් වර්ණවත් වු උත්සව මාලාවක් 2023 ජුලි මස 07 වන දින ගජබා නිවහනේදී පවත්වන ලදි.

මෙම ජ්‍යෙෂ්ඨයින් තිදෙනා වෙනුවෙන් කඳවුරු මුරයක් පිළිගැන්වීමෙන් පසු චාරිත්‍රානුකූලව ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ මේජර් ජෙනරාල් විජය විමලරත්න මහතා වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදුකරනු ලැබු අතර, ඉන් පසුව ඔවුන් වෙත උපහාර දැක්වීම සඳහා වර්ණවත් වු සම්මාන පෙළපාලියක් ද පවත්වන ලදි. යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ගේ මගපෙන්වීම යටතේ මෙම උත්සවය සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභා සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිළධාරීන්, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.