Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

20th February 2022 16:38:55 Hours

නිල උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් ලාල් විජේතුංග ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උපහාර ලබයි.

ගජබා රෙජිමේන්තුවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරි වරයෙකු වන මේජර් ජෙනරාල් ලාල් විජේතුංග යන ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් හට නිල උසස්වීම පෙරදැරි කරගෙන උපහාර පිදීම අද දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. නිල උසස්වීමෙන් පසු සිය මංගල නිල සංචාරය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී, එතුමන්ව මධ්‍යස්ථාන සේනාවිධායක විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. තවද ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තු අධිපති තුමන් මේජර් ජෙනරාල් එල්පීකේසී විජේතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන් හට සුභාශිංෂන එක්කරන ලදි.

ඉන් අනතුරුව,එම ජ්‍යේෂ්ඨ නිලධාරි විසින් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී පිඑස්සී ගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු රෙජිමේන්තු භට පිරිස් විසින් පිරිනමන ලද ගෞරව සම්මාන ආචාරය පිලිගනු ලැබිය.

පසුව සියලුම නිලයන්ගේ සහභාගීත්වයෙන් තේ පැන් සංග්‍රහයක් පවත්වනු ලැබූ අතර, එහිදී රැස්ව සිටි පිරිස අමතා අදහස් දක්වමින් මෙවන් උපහාර උළෙලක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් රෙජිමේන්තු අධිපති තුමන්, මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුලු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියළුම නිලධාරීන් සහ සෙසුනිලයින් වෙත සිය කෘතඥතාවය පළ කළේය.

මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරිවරුන්, ඒකක අණදෙන නිලධාරිවරුන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිත්‍ය කාර්ය මණ්ඩලයට අයත් සියලු නිලධාරින්, සෙසුනිලයින් සහභාගි වන ලදී.