Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

19th May 2018 11:34:45 Hours

ත්‍රස්ථවාදය මුලිනුපුටා දමා වසර නමයක් ගතවීම නිමිත්තෙන් ගජබා රෙජිමේන්තුවේ රණවිරු සැමරුම - 2018

ශ්‍රී ලංකා ධරණී තලයෙන් ත්‍රස්තවාදය මුලිනුපුටා දමා වසර 09 ක් සපිරීම නිමිත්තෙන් යුද්ධයේදී මියගිය විරෝධාර විරුවන් අනුස්මරණය කිරිමේ වැඩසටහනක් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2018 මැයි මස 08 වන දින පෙරවරු 0930 පැයට සිදුකෙරිණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් අනුව ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ විධායක ජෙනරල් මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මෙම රණවිරු සැමරුම් උත්සවයට රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රෙජිමේන්තු මධ්‍යස්ථාන කා:නි: සේනාවිධායක කර්නල් හරේන්ද්‍ර පිරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී, නියෝජ්‍ය සේනාවිධායක, ඒකක අණදෙන නිලධාරින්, රෙම මාණ්ඩලික නිලධාරින් ඇතුළු නිලධාරින් විශාල පිරිසක්ද, සෙසුනිලයින් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි විය. පළමුව ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ සහ පිතෘවරයාණන් වන අභීත සෙන්පති දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්නයන්ගේ පිළිරුව වෙත මල් කළඹක් තබා සිය ආචාරය පුදකල වත්මන් රෙජිමේන්තු අධිපතිතුමන්, ඉන් අනතුරුව ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය අභියස පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

අනතුරුව දේශයේ විජයග්‍රහණය සැමරීම නිමිත්තෙන් නිකුත් කල යුද්ධ හමුදාධිපති තුමන්ගේ පණිවුඩය මධ්‍යස්ථාන කා:නි: සේනාවිධායක තුමන් විසින් ඉදිරිපත් කරන ලදි. එමෙන්ම වර්ණවත් සහ අභිමානවත් ස්මාරක පෙළපාලියකින්ද සමන්විත වු මෙම උත්සවය අවසනයේදී පැමිණි සිටි සියළු දෙනා අමතමින් රෙජිමේන්තු අධිපතිතුමන් දේශයේ විජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ඨ මෙහෙවරක් කල ගජබා සෙන්පතින් සහ සෙබළ බලමුුළු වෙත සිය විශේෂ ප්‍රණාමය පුදකල අතර, යුද්ධයේදී මියගිය සියළු දෙනාට අජරාමර නිවන් සුවයත් තුවාල ලබා රණක‍ෂිතයට පත් සියළුම රණවිරුවන්ට ඉක්මන් සුවයත්, දැනට සේවයේ නියුතු සියළුම රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සියළු දෙනාටත් සිවිල් සේවක මහතුන්ටත් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කළේය.