Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

23rd November 2024 20:12:04 Hours

ගජබා - සේවා වනිතා ශාඛාවේ සංවිධානත්වයෙන් ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමේ වැඩසටහනක්.

ඇස් පෙනීම දුර්වල අයවළුන්ගේ පෙනීම වැඩිදියුණු කිරීම තුලින් ජීවන තත්ත්වය වර්ධනය කිරීම සඳහා හෘදයාංගම මුලපිරීමක් ලෙස, ගජබා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියංග වික්‍රමසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ ගජබා - සේවා වනිතා ශාඛාව විසින් ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024.11.20 වන දින සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා මූලස්ථානය (යාපනය) ආඥාපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එම් ජි ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් එම් සි බි වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගී වන ලදි.

මෙම වැඩසටහන මගින් අවශ්‍යතා ඇති පුද්ගලයින්ට නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීම මගින්, වඩා හොඳ ඇස් පෙනීමක් සහතික කිරීම සහ සමස්ත යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ඇත. ගජබා සේවා වනිතා ඒකකය සහ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සහාය ඇතිව ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන ඇස් කණ්ණාඩි ලබා ගනිමින් මෙම වැඩ සටහන මගින් ප්‍රතිලාභීන් 381 දෙනෙක් ප්‍රතිලාභ ලැබූහ.