Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

04th August 2022 11:23:43 Hours

ගජබා සේවා වනිතා ශාඛාවේ 14 වන වාර්ෂික මහසභා රැස්වීම

ගජබා සේවා වනිතා ශාඛාවේ 14 වන වාර්ෂික මහසභා රැස්වීම ගරු සභාපතිණි ජානකී ලියනගේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ සේවා වනිතා සමාජිකාවන් රැසකගේ ප්‍රධානත්වයෙන් 2022.08.01 වන දින ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්න පරිශ්‍රයේදී පැවැත්විය. මෙහිදී ගජබා සේවා වනිතා ශාඛාවේ ඉදිරි වර්ෂය වෙනුවෙන් නව නිලධාරි මණ්ඩලයක් පත්කර ගත් අතර මෙම වර්ෂය තුල පැවැත්විමට නියමිත සුභසාධන කටයුතු සිදු කිරීම වෙනුවෙන් අවශ්‍ය තින්දු තීරණ රැසකට එළබෙන ලදි.