Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

16th February 2018 09:45:22 Hours

ගජබා විරු සවිය ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය - 2018

ගජබා සේවා වනිතා ශාඛා ගරු සභාපතිණියගේ සංකල්පයකට අනුව, රෙජිමේන්තු අධිපති තුමන්ගේ පුර්ණ මගපෙන්වීම යටතේ මෙම රෙමට අයත්ව ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී මියගිය/ආබාධිත/ වෛද්‍ය හේතුන් මත විශ්‍රාමික හා දැනට සේවයේ යෙදී සිටින රණවිරුවන්ගේ මෙන්ම රෙම යටතේ රාජකාරි කරනු ලබන සිවිල් සේවක මහතුන්ගේ අධ්‍යාපනය හදාරන දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉහල නැංවීමේ අරමුණින් ඔවුන් වෙත ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ බෙදා දීමේ වැඩ සටහනක් ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ඩබ්වි ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ හා ගජබා සේවා වනිතා ශාඛා ගරු සභාපතිණි සුජීවා නෙල්සන් මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2018 පෙබරවාරි මස 13 වන දින ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වින. මෙම අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තු මන්ත්‍රණ සභාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා ඒකක අණදෙන නිලධාරින් ඇතුලූව ගජබා සේවා වනිතා සාමාජිකාවන් සහභාගි විය.