12th August 2024 10:57:11 Hours
ගජබා රෙජිමේන්තුවේ ගෞරවනීය නිර්මාතෘ තුමන්ගේ 32 වන ගුණ සමරුව නිමිත්තෙන් 2024 අගෝස්තු 8 වන දින උත්කර්ෂවත් උත්සව මාලාවක් පවත්වන ලදී. දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි සමරු උත්සවය යුධ හමුදාපති සහ ගජබා රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ පවත්වන ලදී.
දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කිරිබත්ගොඩ ප්‍රතිස්ථාපනය කර ඇති පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් එතුමන්ගේ අනුපමේය දායකත්වයට සහ පරිත්‍යාගයට උපහාර පුදකරමින් දිනයේ කටයුතු ආරම්භ විය.
මේ අතර, දේශප්‍රේමී රණකාමී නායකයාණන්ට ආශිර්වාද පළකිරීම සහ පිං අනුමෝදන් කිරීම සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ සහභාගිත්වයෙන් ආගමික උත්සවයක් රුවන්වැලි මහා සෑය අභියසදී පැවැත්විණි. තවද, සමරු උත්සවයට සමගාමීව ගජබා රෙජිමේන්තුවේ ප්‍රජා සුභ සාධනය සඳහා වූ චිරස්ථායී කැපවීම පිළිබිඹු කරමින් විශේෂ වැඩසටහනක් සාලියපුර ළමා නිවාසයේ දී පැවැත්විණි.
එදින සමරු වැඩසටහන් මාලාව ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිර්මාතෘ පියතුමාගේ ප්‍රතිමාව අසල උත්කර්ෂවත් උපහාරයක් සමඟින් අවසන් විය. මෙම අවස්ථාවට 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දිනේෂ් උඩුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගී විය.
මධ්‍යස්ථාන සේනාවිධායක සහ රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් ශ්‍රී ලංකා යුධ හමුදාව තුළ ධෛර්යයේ සහ කැපවීමේ සදාතනික සංකේතයක් ලෙස පවතින විශිෂ්ට නායකයෙකුගේ උරුමයට ගෞරවය පුද කළහ.